2026 පෙබරවාරි මාසය තුළ දී ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 279,328ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
එය පසුගිය වසරේ පෙබරවාරි මාසයේ මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාවට සාපේක්ෂව 16.2%ක වැඩිවීමකි.
එම අධිකාරිය නිකුත් කරන ලද නවතම දත්තවලට අනුව, පෙබරවාරි මාසයේදී ඉන්දියාවෙන් සංචාරකයින් 47,679ක් එක්සත් රාජධානියෙන් 30,788ක් රුසියාවෙන් 23,099ක් ජර්මන් 22,566ක් චීනයෙන් 20,180ක් සහ ප්‍රංශ ජාතිකයින් 17,174ක් ද ශ්‍රී ලංකාවට පැමිණ ඇත.
එසේම ගතවූ මාස දෙකක කාලය තුළ පැමිණි සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 556,655ක් බව එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි.
එම සංචාරකයින් අතරින් 99,740ක් ඉන්දියාවෙන් ද 50,233ක් රුසියාවෙන් එක්සත් රාජධානියෙන් 60,328ක් ද පැමිණි බවට වාර්තා කර ඇත.


