කටුනායක සිට ගුවන් සමාගම් දෙකක් මැදපෙරදිග කලාපයට ගුවන් ගමන් යළි අරඹයි

කටුනායක සිට ගුවන් සමාගම් දෙකක් මැදපෙරදිග කලාපයට ගුවන් ගමන් යළි අරඹයි
  • SocialShare:

යුද ගැටුම් හේතුවෙන් මැදපෙරදිග කලාපයට තාවකාලිකව නතර කර තිබූ ගුවන් ගමන් සේවා කටුනායක ගුවන් තොටුපළින් ඊයේ (03) සිට යළි ආරම්භ කිරීමට ගුවන් සමාගම් දෙකක් පියවර ගෙන තිබේ.

ඒ අනුව පළමු ගුවන් ගමන FitsAir සමාගම ආරම්භ කළ අතර 8D 821 ගුවන් යානය ඩුබායි වෙත ප.ව. 1.20ට පිටත් වූ අතර එහි මගීන් 47 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 10 දෙනෙකු ගමන් කර ඇත.
තවද Air Arabia සමාගමට අයත් G9 509 ගුවන් යානය ද ප.ව. 4.45ට සාජා බලා පිටත් වූ අතර, එහි මගීන් 44 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 10 දෙනෙකු ගමන් කර තිබේ.
මැදපෙරදිග ගුවන් අවකාශය සීමිත කාලසීමාවක් සඳහා නැවත විවෘත කර ඇති බැවින්, එම කාලය තුළ පමණක් ගුවන් ගමන් ක්‍රියාත්මක වන බව ගුවන් තොටුපොළ නිලධාරීන් සඳහන් කර ඇත.එසේම ඉදිරි දිනවලදී තවත් ගමනාන්ත වෙත ගුවන් ගමන් ආරම්භ විය හැකි බවද එම නිලධාරීන් පෙන්වා දේ.