ඉන්ධන පිරවුම්හල්වල තදබදය අවසන් – බෙදාහැරීම සාමාන්‍ය පරිදි

ඉන්ධන පිරවුම්හල්වල තදබදය අවසන් – බෙදාහැරීම සාමාන්‍ය පරිදි
  • SocialShare:

දිවයින පුරා පිහිටි ඉන්ධන පිරවුම්හල්වල පැවති තදබදය මේ වන විට සම්පූර්ණයෙන්ම සමනය වී ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා පවසයි.

අද(03) උදෑසන මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඒ මහතා මේ බව පැවසීය.
සුපුරුදු පරිදි අද(03) උදෑසන 6.00ට බෙදා හැරීමේ කටයුතු ආරම්භ කර ඇති බවත් උදෑසන 8 වන විට ඩීසල් 415,740 ක්, සුපර් ඩීසල් 19,800ක් , 95 පෙට්‍රල් 39,600ක් , 92 පෙට්‍රල් 481,800ක් බෙදා හැර ඇතැයිද පැවසුවේය.
අද (03) දහවල් වන විට කිසිදු ඉන්ධන පිරිහුම් හලක ඉන්ධන හිඟයක් හෝ ඉන්ධන පෝළිමක් ඇති වී නැතැයිද හෙතෙම පැවසීය.
අනවශ්‍ය ලෙස තෙල් ඒකරාශි කිරීමෙන් වැළකී සාමාන්‍ය පරිදි ජන ජීවිතය පවත්වා ගෙන ලෙසද ජනාතාවගෙන් ඉල්ලා සිටින බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.