සම්බුද්ධ ශාසනය තුළ අතිවිශේෂ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ මැදින් පුර පසළොස්වක පොහෝ දිනය අදට (02) යෙදී ඇත.
බුදුරජාණන් වහන්සේ ප්රථම වරට තම උපන් ගම වන කිඹුල්වත් පුරයට වැඩම කළ දිනය ලෙස මෙම පොහෝ දිනය ශාසන ඉතිහාසයේ විශේෂ ස්ථානයක් හිමිකර ගනී. එදින බුදුරජාණන් වහන්සේ සිය නෑදෑ හිතමිත්රයන්ට සහ ජන්ම භූමියට කෘතගුණ සැලකීම සඳහා කිඹුල්වත් පුරයට වැඩම කර සුද්ධෝදන රජු ප්රමුඛ ශාක්ය වංශිකයන්ට ධර්ම දේශනා පවත්වන ලදී.
යසෝදරා දේවිය උදෙසා චන්ද කින්නර ජාතකය දේශනා කිරීම, රාහුල කුමාරයා හා නන්ද කුමාරයා පැවිදි කරවීම ද මැදින් පුර පසළොස්වක දිනයේ සිදු වූ සුවිශේෂී සිදුවීම් ලෙස සදහන් වේ.
මෙවන් වැදගත් ශාසනික සිදුවීම් රැසක් සිදු වූ මැදින් පුර පසළොස්වක පොහෝ දිනය, මවුපියන්ට ගෞරව කිරීම හා කෘතගුණ සැලකීම පිළිබඳ උගන්වන උතුම් පුන් පොහෝ දිනයක් ලෙසද සැලකේ.


