රටම එකට ජාතික වැඩසටහනට තවත් සජීවී ස්වරූපයක් දීම සඳහා විෂ මත්ද්‍රව්‍ය නිවාරණ සතියක් ප්‍රකාශයට පත්කර ඇතැයි ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂණ ගමගේ මහතා සඳහන් කරයි.
ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරයා මේ බව පැවසුවේ අද (28) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විෂ මත්ද්‍රව්‍ය නිවාරණ සතිය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.
මතින් තොර රටක් සතුටින් පිරි හෙටක් තේමාව යටතේ ආරම්භ කරන ලද රටම එකට ජාතික මෙහෙයුම එනම් විෂ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන ඔක්තෝම්බර් 30 සිට ලංකාව පුරා ක්‍රියාත්මත වන බව පැවසූ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂණ ගමගේ මහතා මේ වන විට මෙම වැඩසටහන සම්බන්ධ ජාතික මෙහෙයුම් සභාව ක්‍රියාත්මක වන බවද පැවසුවේය.
ඊට අමතරව දිස්ත්‍රික්ක මට්ටමෙන් දිස්ත්‍රික්ක මෙහෙයුම් සභා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමෙන් ප්‍රාදේශීය මට්ටමේ සභාවන් සහ ගම් මට්ටමෙන් ග්‍රාමීය සභාවන් වශයෙන් මෙම වැඩසටහන දැනට ක්‍රියාත්මක වන බවද අවධාරණය කළේය.
මෙම වැඩසටහන සඳහා මේ වන විට සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට සහ ප්‍රාෙද්ශීය ලේකම්වරුන්ට විවිධ වැඩසටහන් මේ යටතේ ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති ලේකම්තුමාගේ අත්සනින් ලබාදුන් උපදෙස් පරිදි රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ ලේකම්තුමා විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇතැයිද සදහන් කළේය.
එමෙන්ම මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශයේ ලේකම්තුමා මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට චක්‍රලේඛයක් මගින් උපදෙස් නිකුත් කර ඇතැයිද පැවසුවේය. මීට අමතරව තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්තුමා හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්තුමා ඔවුන් යටතේ ඇති අදාල ආයතන වලට මෙම වැඩසටහන මාර්තු 01 සිට අරඹා එම සතිය පුරා ක්‍රියාත්මක කිරීමට උපදෙස් ලබාදී ඇතැයිද සදහන් කළේය.
මෙහිදී මූලිකවම ප්‍රජාව සම්බන්ධ කරගත් වැඩසටහන්, ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහන් මෙන්ම විෂ මත්ද්‍රව්‍ය උවදුරෙන් ගලවා ගැනීමට සහ ඇබ්බැහි වූවන් ඉන් ගලවා ගෙන පුනුරුත්ථාපනය කිරීමට හා විෂ මත්ද්‍රව්‍ය උවදුර සමාජයට ඇතිකරන බලපෑම, විනාශය පිළිබදව පිරිස් දැනුවත් කිරීමට කටයුතු කරන බවද පැවසුවේය.
එමෙන්ම මෙම කර්තව්‍යෙය් යෙදෙන එනම් දැනටමත් අලෙවියේ හෝ බෙදා හැරීමේ යෙදෙන පිරිස් නීතියේ රැහැනට හසුකර ගැනීමට ඔවුන් එයින් මුදාගැනීමට යන සියලු කාරණා පෙරදැරිව මෙම සතිය තුළ වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක වන බවද සදහන් කළේය.
මෙම වැඩසටහන සදහා ශ්‍රී ලංකාවේ සියලුම මට්ටමේ රජයේ නිලධාරීන්, සිවිල් ජනතාව, පාසල් දරුවන්, වෘත්තීය පුහුණු පාසල් සහ විශ්ව විද්‍යාලවල ඉගෙනුම ලබන දරුවන් ආදී සියලුම පාර්ශව හවුල් කරගනිමින් ජාතික වැඩසටහනක් වශයෙන් මෙම සතිය විෂ මත්ද්‍රව්‍ය වලට එරෙහිව සැලසුම් කර ඇතැයිද වැඩිදුරටත් සදහන් කළේය.


