හම්බන්තොට බඳගිරිය ජනපදයට නව උප තැපැල් කාර්යාලයක්

හම්බන්තොට බඳගිරිය ජනපදයට නව උප තැපැල් කාර්යාලයක්
  • SocialShare:

1959 වර්ෂයේ දෙසැම්බර් 29 වන දා ආරම්භ කරන ලද බඳගිරිය ජනපදය උප තැපැල් කාර්යාලය තැපැල්  දෙපාර්තමේන්තුව සතු ගොඩනැගිල්ලක පවත්වාගෙන ගියත් මීට වර්ෂ ගණනාවකට පෙර එම ගොඩනැගිල්ල අබලන් වීම හේතුවෙන් විවිධ ස්ථානවල කුලී පදනම මත පවත්වාගෙන ගිය අතර ඒ සඳහා නව ගොඩනැගිල්ලක් ඉදිකිරීමට පසුගිය වර්ෂයේ සැප්තැම්බර් මස 20  වන දින සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මුල්ගල තබා ඉදිකිරීම් ආරම්භ කරන ලදී.

එසේ ආරම්භ කරන ලද ඉදිකිරීම් මාස පහකට අඩු කාලයක් තුළ නිම කරන ලද අතර ඊයේ (27) පස්වරුවේ වත්මන් තැපැල් විෂයභාර අමාත්‍ය, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස  මහතාගේ ප්‍රධානත්වයෙන් එම අභිනව බඳගිරිය ජනපදය උප තැපැල් කාර්යාල   ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කරන ලදී.

පසුගිය වර්ෂයේ තැපැල් දෙපාර්තුමේන්තුවේ ඉදිකිරීම් සදහා වෙන්කරන ලද ප්‍රතිපාදනවලින් බඳගිරිය ජනපදය  නව උප තැපැල් කාර්යාලයේ ඉදිකිරීම් සදහා රුපියල් මිලියන 5.49  ක් වෙන්කර තිබූණි.

මෙහි දී අදහස් දක්වමින් සෞඛ්‍යා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පසුගිය සැප්තැම්බර් මස 20 වන දින මෙහි මුල්ගල තබා වැඩ ආරම්භ කළබව සිහිපත්කළ අතර ඉදිකිරීම් දෙසැම්බර් මස අවසන් වීමට පෙර නිමා කිරීමට පෙර කිරීමට සැලසුම් කළ නමුත් දිට්වා සුළි කුණාටුව හේතුවෙන් එම ඉදිකිරිම් මාස එක හමාරක් ප්‍රමාද වූ බව ද පැවසීය.

ගත වූ වසර දසවසරක කාළය  තුළ තැපැල් දෙපාර්තමේන්තුවේ කිසිදු සංවර්ධනයක්  නොවුන  බව සිහිපත් කළ අමාත්‍යවරයා  පසුගිය වර්ෂයේදී තැපැල් දෙපාර්තමේන්තුවේ ඉදිකිරීම් සඳහා රුපියල් මිලියන 600ක මුදලක් ද මෙම වර්ෂයේදී ඉදිකිරීම් සඳහා තවත් රුපියල් මිලියන 400ක මුදලක් වෙන් කළ බව ද  පැවසීය.

වර්තමානය වනවිට  සුවිශේෂි පරිවර්තනයකට සහ පිබිදීමකට ලක්වෙමින් නව්‍යකරණයවන  මෙර‌ට තැපැල් සේවාව කාර්යක්ෂම කිරීමේ අරමුණින් භෞතික හා මානව සම්පත් සංවර්ධනයට විශාළ මුදල් ප්‍රමාණයක්  වෙන්කර තිබෙක බව ද අමාත්‍යවරයා සදහන්කර සිටියේය.

ජනතාවග් ජිවිත හා බද්ධවන ආකාරයට තැපැල් සේවාව සංවර්ධනය කිරීමත්, විශේෂයෙන්ම ග්‍රාමීය ආර්ථික කටයුතුවල යෙදෙන ජනතාවගේ ආර්ථික කටයුතු ශක්තිමත් කිරීමට තැපෑලේ දායක්වය ලබා දීමත් ප්‍රධාන කරුණක් බව ද සදහන්කළ අමාත්‍යවරයා මෙවැනි තැපැල් කාර්යාල සංවර්ධනය කිරීමෙන් එම කටයුත්තට මහත් දායකත්වයක් ලැබෙන බව ද පැවසීය.

මෙහි දී අමාත්‍යවරයා විසින්  බඳගිරිය ජනපදය උප තැපැල් කාර්යාල  පරිශ්‍රයේ පැළ කිහිපයක් රෝපණ ය කළ අතර එම කාර්යාලයට නවින ටැබ් යන්ත්‍රයක් ලබා දීමට ද  කටයුතු කළේය.

මෙම නවීන පහසුකම් සහිත නව තැපැල් කාර්යාල ගොඩනැගිල්ල ඉදිවීමත් සමග ගොවිජනපද වලින් යුත් තම්මැන්නාව, දිවුලගමුව, පල්ලෙමළල, වැලිගත්ත වැනි අවට ගම්මාන රැසක ජනතාවට පහසුවෙන් නවීන සන්නිවේදන තැපැල් සේවාවන්  සළසා ගැනීමට හැකියව ලැබෙනු ඇත.

මෙම අවස්ථාවට මෙම අවස්ථාවට බඳගිරිය පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති රුක්මල්පිටියේ ජිනරතන ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය, හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අතුල වෙලෙඳගොඩ, හම්බන්තොට ප්‍රාදේශීය සභාවේ උප සභාපති  එම්.ඒ.සී මුණසිංහ,හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් බිමල් ඉන්ද්‍රජිත් ද සිල්වා, තැපැල්පති රුවන් සත්කුමාර, නියෝජ්‍ය තැපැල්පති (දකුණ) එච්.වී.ඩී.අයි. අබේවික්‍රම, හම්බන්තොට ප්‍රාදේශීය තැපැල් අධිකාරී  මංජුල ජසිංහ යන මහත්වරුන් ඇතුළු ප්‍රදේශවාසීන් පිරිසක් එක්ව සිටියහ.