ගල් අඟුරු සම්බන්ධව මතුව ඇති ප්‍රශ්නය සම්බන්ධව කරුණු අධ්‍යනය කිරීම සඳහා ප්‍රවීණයන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් තීරණය කර ඇති බව කැබිනට් ප්‍රකාශක, ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (24) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාද්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව කියා සිටියේය.
මේ සඳහා මොරටුව විශ්වවිද්‍යාලය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරුන්ගෙන් සමන්විතව සහ අමාත්‍යාංශ නිලධාරීන්ගෙන් සමන්විත කමිටුක් පත් කිරීමට තීරණය වූ බව හෙතෙම කීවේය.
විදුලිබල අමාත්‍යාංශය පැත්තෙන්ද ක්‍රියාවළියක් සිදුකරමින් සිටින බව පැවසූ ඒ මහතා යම් ප්‍රශ්නයක් තිබේනම් සැපයුම්කරුවන්ට එය දරා ගැනීමට සිදුවන බවත් කියා සිටියේය.
ගල් අඟුරු සැපයුම සම්පූර්ණයෙන්ම ප්‍රසම්පාදන ක්‍රියාවලියට අනුව සිදුකර ඇති බවත්, ගුණාත්මකභාවය පිළිබඳව ජාත්‍යන්තරව පිළිගත් පරීක්ෂණාගාර වාර්තා භාරගන්නා බවත් ඇමැතිවරයා සඳහන් කළේය. කිලෝ කැලරි ප්‍රමිතියට අඩු වුවහොත් දඩ මුදල් අයකිරීමද ක්‍රියාත්මක බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.


