රටම එකට ජාතික මෙහෙයුමට අදාළව මාර්තු 01වැනිදායින් ආරම්භවන සතිය විෂ මත්ද්‍රව්‍ය නිවාරණ සතිය ලෙස ප්‍රකාශයට පත් කෙරේ.
විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා වන ‘රටම එකට ජාතික මෙහෙයුම‘ සම්බන්ධයෙන් නිකුත් කළ 2025.11.26දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රෙල්ඛ 29/2025 වෙත අවධානය යොමු කරමින් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය විසින් මෙම සතිය ප්‍රකාශයට පත් කර ඇත.
ඒ අනුව මෙම සතිය තුළ සෑම අමාත්‍යංශයකම, දෙපාර්තමේන්තුවකම, ආයතනයකම, සංස්ථාවකම සහ ව්‍යවස්ථාපිත මණ්ඩලයකම නිලධාරීන්ගේ දායකත්වයෙන් වැඩසටහන් රැසක් සංවිධාන කර තිබේ.




