ජනතාවට සින්නක්කර ඔප්පු කඩිනමින් ලබා දෙන බවත් ඉඩම්වලට සින්නක්කර ඔප්පු ලබා නොදී රජය සතුව ඉඩම් තබා ගැනීමෙන් ආර්ථික කටයුතු දියුණු නොවන බවත් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි.
ඊයේ (23) කොළඹ දිස්ත්‍රික්කයේ හිමිකම නිදහස් දීමනා පත්‍ර ප්‍රදානය කිරීමට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසුවේය.
මෙම වසර ඇතුළත ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම හරහා ඔප්පු 5000ක් දීමට උත්සාහ කරන බවද හෙතෙම පැවසුවේය.
මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ කෘෂී කර්ම ඇමති
“තමන්ටම කියලා ඉඩමක් නැති වුණාම ඒක ලොකු මානසික පීඩාවක්. ඉඩම බැංකුවට තියලා ණයක් ගන්න බැහැ. දරුවෙකුට පවරන්න බැහැ. හරියට ඉදි කිරීමක් කරන්න බැහැ. අද අපි නිදහස් දීමනා පත්‍ර ලබා දෙන්නේ දීර්ඝ කාලයක් තිස්සේ මේ ඉඩම්වල පදිංචි වෙලා ඉන්න අයටයි. අලුත් අයට නෙවෙයි. ඉඩමට අයිතියක් නැති වුණාම විවිධ ප්‍රශ්න එනවා. ළමයෙක්ව පාසලට දාගන්නවත් බැහැ. අද මේ විසඳන්නේ ඒ ප්‍රශ්නය. අද මේ නිදහස් දීමනා පත්‍රය ලැබුණාම හෙටම ගිහින් මේක ලියාපදිංචි කරගන්න.
අපිට ඕනේ මේ රට සංවර්ධනය කරන්න. ඒකයි අපි මේ කටයුතු ඉක්මනින් සිදු කරන්නේ. තමන්ට ඉඩම ලැබුණාම කිසි තැනක් හිස්ව තියන්න එපා. ආර්ථික ප්‍රතිලාභයක් ලැබෙන කටයුතු කරන්න. රටටත් ඵලදාවක් ලැබෙන තමන්ටත් ආදායමක් ලැබෙන කටයුත්තක් කරන්න. තමන් ඉපදුණ රටේ තමන්ටම කියලා බිම් අඟලක් නැහැයි කියලා තිබුණ ප්‍රශ්නය අදින් ඉවරයි.”
මෙම අවස්ථාවට එක්වෙමින් ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් විතාරණ මහතා ද අදහස් පළ කළේය.
“කොළඹ දිස්ත්‍රික්කයේ ඉඩම් හිමිකම නොමැති වීම නිසා දශක ගණනාවක් මුළුල්ලේ ඔබ ජීවත් වුණේ කනස්සල්ලෙන්. ඔබේ ගැටලුව විවිධාකාර පාර්ශවයන් වෙත ඉදිරිපත් කළත් ඔබ විසඳුමක් ලබා ගන්න අපොහොසත් වුණා. 1972 වසරේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව නිර්මාණය වීමේ අරමුණ වුණේ සමාජය තුළ තරුණයින් විරැකියාවෙන් පෙළෙන නිසා සමාජය තුළ අර්බුදයක් නිර්මාණය වීමයි. මේ ආයතනය හරහා තරුණයින්ට නේවාසික සහ කෘෂිකාර්මික කටයුතු ඉඩම් ලබා දුන්නා.
වර්තමාන ආණ්ඩුව පොහොසත් රටක් - ලස්සන ජීවිතයක් ප්‍රතිපත්තිය ඇතුළේ ඉඩම් ගැටලුවට විසඳුමක් දෙන්න පොරොන්දු වුණා. දැන් එය යථාර්ථයක් බවට පත්වෙමින් තියෙනවා. දශක ගණනාවක් රට තුළ තිබුණ ඉඩම් ගැටලු විසඳන්න තමයි අපි බලය ගත්තේ. මේක විසඳන්න උත්සාහ කරනකොට අපිට යම් යම් බාධාවන් එල්ල වෙනවා. මෙතනදි බොහෝ නිලධාරීන් අපට අතහිත දෙනවා. ඉතා සුළු පිරිසක් තමයි අත්තනෝමතිකව ක්‍රියා කරන්නේ.


