පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) පියවර ගෙන තිබේ.
ඒ අනුව, මහනුවර දිස්ත්‍රික්කයේ යටිනුවර ප්‍රදේශයට නායයෑමේ “රතු නිවේදන” (Level 3) නිකුත් කර ඇති අතර, තවත් ප්‍රදේශ රැසකට පූර්ව අනතුරු ඇඟවීම් (Level 1 සහ Level 2) ද ලබාදී තිබේ.
NBRO ආයතනය සදහන් කරන්නේ අධික වර්ෂාපතනය හේතුවෙන් පස් කඳු කඩා වැටීම්, ගල් වැටීම් සහ නායයෑම් සිදුවිය හැකි බැවින් අවදානම් ප්‍රදේශවල ජනතාව විශේෂ අවධානයෙන් සිටිය යුතු බවයි.


