මධ්‍යම , ඌව , සබරගමුව පළාත් සහ අම්පාර , මඩකළපුව , පොළොන්නරුව දිස්ත්‍රික්කවලට තද වැසි

මධ්‍යම , ඌව , සබරගමුව පළාත් සහ අම්පාර , මඩකළපුව , පොළොන්නරුව දිස්ත්‍රික්කවලට තද වැසි
  • SocialShare:

ශ්‍රි ලංකාවට ආසන්යේ පවතින පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය හේතුවෙන් මධ්‍යම , ඌව,සබරගමුව පළාත්වලත් , අම්පාර , මඩකළපුව සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලි මීටර 100ට වැඩි තද වැසි ඇති වන බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

තද වැසි සමඟ ඇති විය හැකි තද සුළං සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද ජනතාවට කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව දැනුම් දෙයි.

සෙසු ප්‍රදේශවලට ද මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවද සඳහන් වේ.

තවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කරන නිවේදන පිළිබඳව වැඩිදුර විස්තර ලබා ගැනීමට 117 දුරකතන අංකය අමතන ලෙසද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.