සියලුම නිකායන් හා පාර්ශ්වයන්ගේ එකතුවෙන් සැදුම් ලත් බුද්ධ ශාසන සභාව ඊයේ (10) බුද්ධ ශාසන අමාත්‍යාංශයේදී රැස්විය.
බුදු සසුනේ චිරස්ථිතිය, සංඝ සමාජය කෙරෙහි බලපාන කරුණු සහ දිට්වා සුළි කුණාටුවෙන් විනාශ වූ ආගමික ස්ථාන ගොඩනැංවීම පිළිබඳ මෙහිදී අවධානය යොමු විය.
මහා සංඝ රත්නයේ දෙමාපියන් අගයමින් “බුදු පුත් මාපිය නිවහන” නමින් නව ජාතික වැඩසටහනක් ආරම්භ කිරීමටද යෝජනා විය.
අනු කමිටු 03ක් ඔස්සේ ඉදිරි වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටත්, ඒ සඳහා නායක හාමුදුරුවන් වහන්සේලා කණ්ඩායමක් නම් කිරීමටත් තීරණ ගන්නා ලදී.


