ඉන්දියාවේ ඓතිහාසික දෙව්නිමෝරි පුදබිමෙන් වැඩම කරවූ සර්වඥ ධාතූන්වහන්සේ වන්දනාව අද (11) පෙරවරු 6ට හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී අවසන් කෙරිණි.
පසුගිය 5 වැනිදා ආරම්භ වූ මෙම වන්දනාව සඳහා දිවයිනේ නන්දෙසින් සැදැහැවතුන් විශාල පිරිසක් එක්වූ අතර, ඊයේ රාත්‍රියේද විශාල බැතුමතුන් පිරිසක් ධාතූන් වහන්සේ වැඳපුදා ගැනීමට පැමිණ තිබුණි.
අද පෙරවරුවේ තේවාව පැවැත්වීමෙන් අනතුරුව පෙරවරු 9.45ට පමණ රිය පෙරහරකින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත වැඩම කරවා, විශේෂ ගුවන් යානයකින් සර්වඥ ධාතූන් වහන්සේ යළි ඉන්දියාව බලා වැඩම කරවන බව හුණුපිටිය ගංගාරාමාධිපති ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි හිමියන් පැවසීය.


