දිවයිනේ බොහෝ ප්‍රදේශවල වියලි කාලගුණික තත්ත්වයක්

දිවයිනේ බොහෝ ප්‍රදේශවල වියලි කාලගුණික තත්ත්වයක්
  • SocialShare:

දිවයිනේ බොහෝ ප්‍රදේශවල මේ දිනවල වියලි කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

හිමිදිරි උදෑසන කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල මල්තුහීන (Frost) ඇතිවීමේ හැකියාවක් පවතින අතර, ඒ සම්බන්ධයෙන් ජනතාව විශේෂ අවධානයෙන් කටයුතු කරන ලෙස දැනුම් දෙනු ලැබේ.

එමෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු මැද සහ ඌව පළාත්වලත්, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව සඳහන් වේ.

මීදුම් සහිත තත්ත්වය හේතුවෙන් මාර්ග දෘශ්‍යතාව අඩුවිය හැකි බැවින්, රියදුරන් විශේෂයෙන් අවධානයෙන් ධාවනය කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාද කරයි.