ශ්‍රී ලංකාවට ගිණිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (09) පෙරවරු 10.00 වනවිට පොතුවිල් සිට කිලෝමීටර 160ක පමණ නැගෙනහිර දෙසින් පිහිටා ඇති බව නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එය වයඹ දෙසට ගමන් කර හෙට දින (10) සවස් කාලයේදී යාපනය සහ ත්‍රිකුණාමලය අතර වෙරළ තීරය හරහා ගමන් කිරීමට ඉඩ ඇති බව එම දෙපාර්තමේන්තුව පුරෝකතනය කරයි.
ඒ අනුව උතුර සහ නැගෙනහිර පළාත්වලට මිලිමීටර් 100 ඉක්මවන වැසි අපේක්ෂා කෙරේ.උතුරු පළාතේ මුලතිව් , යාපනය , වවුනියාව, මන්නාරම , කිලිනොච්චි දිස්ත්‍රික්කවලටත් නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලටත් මිලිමීටර් 100 ඉක්මනවන තද වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැකියි.තවද අනුරාධපුරය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලට මිලිමීටර් 50ට වැඩි වැසි ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව දන්වා සිටී.
තවද නැවත දැනුම් දෙන තුරු දිවයින වටා ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවුක කටයුතුවලින් වැළකී සිටින ලෙස එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දේ .


