මෝදර ප්‍රදේශයේ පිහිටා ඇති සිරිසඳ සෙවණ, මිහිජය සෙවණ, මෙත්සඳ සෙවණ, රන්දිය උයන, හෙලමුතු සෙවණ යන මහල් නිවාස සංකීර්ණ වල පවතින අඩුපාඩු පිළිබදව සහ පදිංචිව සිටින ජනතාවගේ ගැටලු පිළිබදව සාකච්ඡා කිරීමට ඊයේ (02) නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා නිරීක්ෂණ චාරිකාවකට සහභාගී විය.
කොළඹ නගර සභාවේ නගරාධිපතිනි ව්‍රායි කැලී බල්තසාර්,නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති එම් ජී හේමන්චන්ද්‍ර ඇතුලු නිළධාරීන් පිරිසක් ද එම ස්ථානයට පැමිණිය හ.


