"2025 වර්ෂය සඳහා 5%ක ආර්ථික වර්ධනයක් අපේක්ෂා කරන බව ජනපති සිය මංගල අයවැය කතාව අද(17) පාර්ලිමේන්තුවට ඉදිරිපත්කරමින් පැවසීය.
2024 වසර අග දී පැවැත්වූ ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය තුලින් රටේ ආර්ථික, සමාජීය හා දේශපාලන ක්‍රමය වෙනස් කරමින්, පොදු සමෘද්ධිය කරා රට යොමු කිරීම සඳහා නොසැලෙන අධිෂ්ඨානයකින්, කැපවීමෙන් හා නායකත්වයෙන් ශක්තිමත් ජන වරමක් සහිත නව රජයක් පිහිටුවීමට ජනතාව ඉදිරිගාමී තීරණයක් ගනු ලැබූ බවත්, එම ජනවරම තුලින් පිලිබිඹු වන අපේක්ෂාවන් ඉටු කරලීමේ අරමුණින් යුතුව, තිරසාර ආර්ථික වර්ධනයක් හා සංවර්ධනයක් කරා අවශ්‍ය වන ආර්ථික පදනම සකසන මෙම අයවැය ඓතිහාසික අයවැයක් බවත් ජනපතිවරයා සිය අයවැය කතාව ඉදිරිපත්කරමින් පැවසීය.
ඉතිහාසයේ සෞඛ්‍ය සඳහා වෙන් කළ වැඩිම මුදල් මෙවර අයවැයෙන් සෞඛ්‍ය සඳහා වෙන් කර ඇතැයිද ජනපතිවරයා පැවසීය මෙවර අයවැයේ දර්ශනය ජනතාවගේ ආර්ථික අයිතිවාසිකම් තහවුරු කිරීම බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.