අභාවප්‍රාප්ත කලාසූරි ලතා වල්පොල මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට රජය තීරණය කර ඇත.
ඒ අනුව,
1. දේහය 2025 දෙසැම්බර් මස 31 වන දින පෙ.ව 10.00 සිට ප.ව 2.00 දක්වා කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේ මහජන ගෞරවය සඳහා තැන්පත් කෙරේ.
2. එදින පස්වරු 2.00ට ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව දේහය බොරැල්ල පොදු සුසාන භූමියට රැගෙන ගොස් එහිදී අවසන් කටයුතු සිදු කෙරේ.
3. එසේම 2025.12.28 රාත්‍රී 11.00 දක්වා ද, 2025.12.29 සහ 2025.12.30 දෙදින පෙරවරු 9.00 සිට රාත්‍රී 10.00 දක්වා ද බොරැල්ල 'ජයරත්න රෙස්පෙක්ට්' ශාලාවේ මහජන ගෞරවය සඳහා තැන්පත් කෙරේ.


