2025 පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම මීට සුළු මොහොතකට පෙර ආරම්භ විය.
අද (06) පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,759ක ඡන්ද විමසීම පැවැත්වෙන අතර, උදෑසනම පැමිණ තම ඡන්දය ප්‍රකාශ කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව ඡන්ද දායකනයන්ගෙන් ඉල්ලා සිටියි.
පළාත් පාලන ආයතන 339ක් සඳහා මෙම ඡන්ද විමසීම ආරම්භ වන අතර ඒ අතරට මහ නගර සභා 28ක්, නගර සභා 36, ප්‍රාදේශීය සභා 275ක් අයත් වේ. මෙවර මැතිවරණය සඳහා අපේක්ෂකයින් 75,589ක් තරග කරනු ලබන අතර ඒ සඳහා දේශපාලන පක්ෂ 49ක්, ස්වාධීන කණ්ඩායම් 14ක් ඇතුළත් වේ.