දිවයින පුරා විදුලිය බිදවැටීම් කඩිනමින් යථා තත්වයට පත් කරනවා - විදුලිබල අමාත්‍ය

දිවයින පුරා විදුලිය බිදවැටීම් කඩිනමින් යථා තත්වයට පත් කරනවා - විදුලිබල අමාත්‍ය
  • SocialShare:

දිවයින පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් රටේ විදුලි සැපයුම අඩාල වී තිබෙන බව විදුලිබල අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පවසයි.

අමාත්‍යවරයා අද (28) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව පැවසීය.

විදුලිය බිඳ වැටීම් 65,000කට ආසන්න ප්‍රමාණයක් අද ( 28) උදෑසන වනවිට වාර්තා වී ඇති බවත්  එයින්  26,000කට ආසන්න ප්‍රමාණයක් මේවන විට යථා තත්ත්වයට පත් කර ඇති බවත් අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය .

මෙම ආපදා අවස්ථාවේ දී ලංකා විදුලි බල මණ්ඩලයේ සමස්ත කාර්ය මණ්ඩලය කඩිනමින් සහ කාර්යක්ෂම සේවයේ නිරත වන බවද හෙතෙම පැවසීය.

මේ වනවිට සියලුම බලාගාර ආශ්‍රිත ජලාශ වාන් දමමින් පවතින බවද ඒ මහතා සඳහන් ක‍ළේය.

එසේම විදුලිය බිඳ වැටීම් යථා තත්ත්වයට පත් කරන තෙක් ඉතා  ඉවසීමෙන් කටයුතු කරන ලෙස ද අමාත්‍යවරයා මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.