උතුරු මැද පළාතේ අනුරාධපුර සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්කවල රෝහල් ප්‍රගති සමාලෝචන රැස්වීමක් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විඡේමුණි මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ අනුරාධපුර ශික්ෂණ රෝහල ඇතුළු තඹුත්තේගම, කැඹිතිගොල්ලෑව, කහටගස්දිගිලිය, කැකිරාව, මැචවච්චිය සහ පදවිය යන මුලික රෝහල්වල සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පොළොන්නරුව ශික්ෂණ රෝහල ඇතුළු පොළොන්නරුව ජාතික වෘක්තවේද විශේෂිත රෝහල, මැදිරිගිරිය, හිඟුරක්ගොඩ සහ වැලිකන්ද යන මුලික රෝහල්වල ප්‍රගති සමාලෝචන කටයුතු මෙහිදී සිදුවිය.
මෙහිදී එක් එක් රෝහල්වල පාලනාධිකාරිය විසින් එම රෝහල්වල වත්මන් ක්‍රියාකාරීත්වය පිළිබඳවත්, දැනට ක්‍රියාත්මක සහ අතරමඟ නවතා දමා ඇති සංවර්ධන ව්‍යාපෘති හා යෝජිත නව ව්‍යාපෘති පිළිබඳව ද ඖෂධ ඇතුළු රෝහල්වල මුලික අවශ්‍යතා පිළිබඳව ද නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් දැනුවත් කරන ලදි.
එමෙන්ම විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුළු මානව සම්පත් අවශ්‍යතාවයන් පිළිබඳවත්, භෞතික සම්පත් අවශ්‍යතාවයන් මෙන්ම උපකරණ නඩත්තු කටයුතු ගැටළු පිළිබඳවත්, රසායනාගාර සේවා ශක්තිමත් කිරීම පිළිබඳව ද අදහස් දක්වන ලදි.
රජයේ නව වැඩපිළිවෙලට අනුව රෝහල් පද්ධතීන් ඩිජිටල්කරණයට ලක් කිරීමේ ව්‍යාපෘතියට අදාළව රෝහල්වල වත්මන් ඩිජිටල්කරණ ක්‍රියාවළිය මෙන්ම ඉදිරියේ දී එම වැඩපිළිවෙල ශක්තිමත් කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සහ ඊට අදාළ අදහස් හා යෝජනා ලබාගැනීම ද මෙහිදී සිදු විය.
සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විඡේමුණි මහතා මෙහිදී පෙන්වා දෙන ලද්දේ රෝහල් සංවර්ධන කටයුතු සඳහා වන ප්‍රතිපාදන ගැටළුවකින් තොරව ලබාදීමට පියවර ගන්නා බවයි. රෝහල්වල විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුළු මානව සම්පත ශක්තිමත් කිරීම සඳහා ද සැලසුම් සහගත වැඩපිළිවෙළක් තුළ අමාත්‍යාංශය කටයුතු සිදු කරන බවත්, ඒ අනුව ඉදිරියේ දී දැනට රෝහල්වල පවතින ගැටළු රැසක් නිරාකරණය කිරීමට ද හැකියාව ලැබෙන බව ද අවධාරණය කරන ලදි. රෝහල් සංවර්ධනයේ දී රෝහල් සංවර්ධන ප්‍රධාන සැලසුම් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත යොමු කර සැලසුම් සහගතව සිදු කිරීම පියවර ගන්නා ලෙසත්, ඉදිරි රෝහල් සංවර්ධන ව්‍යාපෘති අව්‍යතාවයන්ට ගැලපෙන පරිදි මනා සැලසුමක් යටතේ සිදු කිරීම මගින් සහ මෙතෙක් ක්‍රියාත්මක කළ අවිධිමත් ක්‍රමවේදයන් විධිමත් කිරීමට පියවර ගැනීම මගින් ගුණාත්මක සෞඛ්‍ය සේවාවක උපරිම ප්‍රතිලාභ ජනතාවට ලබාදීමට හැකියාවක් ලැබෙන බව ද ආකර්ශණීය මෙන්ම මානසික සුවතාවයකින් යුතු ස්ථානයක් බවට රෝහල් පත් කළ හැකි වනු ඇති බව ද අවධාරණය කරන ලදි.
රජයේ නව වැඩපිළිවෙලට අනුව රෝහල් පද්ධතීන් ඩිජිටල්කරණයට ලක් කිරීමේ ඉදිරි සැලසුම් පිළිබඳව ද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී අනුරාධපුර සහ පොළොන්රුව දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය බලධාරීන් සහ සෞඛ්‍ය ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීමට පියවර ගන්නා ලදි.
මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්, අනුරාධපුර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ චන්දන කැඳන්ගමුව, පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය චමිපා අළුත්වීර, පොළොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ඇතුළු අනුරාධපුර සහ පොළොන්රුව දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය බලධාරීන් සහ සෞඛ්‍ය ආයතන ප්‍රධානීන් එක්ව සිටියහ.


