ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල අදයි

ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල අදයි
  • SocialShare:

2025 - ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල “නව්‍යකරණ තුළ විශ්වසනීය මාධ්‍යකරණයක්” යන සංකල්පය යටතේ අද ප.ව. 3.00ට නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වේ.

මාධ්‍යවේදීන් විසින් සිදු කරනු ලබන මෙහෙවර සහ ඔවුන්ගේ ගුණාත්මක දායකත්වය අගයනු පිණිස පවත්වනු ලබන මෙම සම්මාන උළෙල සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය සහභාගී වීමට නියමිතය.