සමාජයෙන් මත්ද්‍රව්‍ය තුරන් කිරිම රජයේ අරමුණයි - මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල

  • SocialShare:

සමාජයෙන් මත්ද්‍රව්‍ය තුරන් කිරිම රජයේ අරමුණ වන බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කරයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ " රටම එකට ජාතික මෙහෙයුම්" වැඩසටහනේ කොළඹ දිස්ත්‍රික් මෙහෙයුම් වැඩසටහනට එක්වෙමිනි.

විෂමත්ද්‍රව්‍ය මුලුනුපුටා දැම්මා සඳහා වන " රටම එකට ජාතික මෙහෙයුම්" වැඩසටහනේ කොළඹ දිස්ත්‍රික් මෙහෙයුම් වැඩසටහනේ පළමු රැස්වීම මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සහ කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09) දින දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේ නිල මැදුර 19වන මහල ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.

එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ " සමාජයෙන් මත්ද්‍රව්‍ය තුරන් කිරිම රජයේ අරමුණ වන බවත් ජාති ආගම් භේද ඉවත දමා විෂ මත්ද්‍රව්‍යයෙන් රට බේරගැනීමට අවශ්‍යය බවත් ය. ඒ වගේම "රටක් හැටියට සෑම සමාජයක්ම දැනුවත්ව මෙම වැඩපිලිවෙල ක්‍රියාත්මක කරන බව අවධාරණය කළ අමාත්‍යවරයා මැදපෙරදිග සිටින ජාවාරම් කරුවන් 7 දෙනෙක් භාර වෙන්න කැමති බව දැනුම් දී තිබෙන බව වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම වැඩසටහනේදී ආගමික නායකයින්ට ලොකු වගකීමක් තිබෙන බව පෙන්වාදුන් කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා මේ වනවිට රටේ ආර්ථික හානියට වඩා සමාජීය පිරිහීම බරපතළ බවත් එහිදී කොළඹ දිස්ත්‍රික්කය විශේෂ අභියෝගයක් බැවින් ඒ සඳහා සියලු දෙනාගේ සහයෝගය අවශ්‍ය බව අවධාරණය කරන ලදී.

මෙහිදී සියලු දෙනාගේ අදහස් යෝජනා ලබාගනිමින් කොළඹ දිස්ත්‍රික්කයේ මෙහෙයුම් වැඩසටහන ක්‍රියාත්මක කිරිම සඳහා අවශ්‍ය යාන්ත්‍රණය පිළිබඳව අවධානය යොමු කෙරිණ.

මෙම වැඩසටහන සඳහා බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යුසුෆ් මහතා, අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා, මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳව නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා, ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන් වන පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර, චන්දන සූරියආරච්චි, අරුණ පනාගොඩ, සමන්මලී ගුණසිංහ යන මහත්ම මහත්මීන්,පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා, බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතා, කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රධාන ආරක්ෂක අංශ නිලධාරින්,දිස්ත්‍රික් ලේකම් ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මහතා, බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම්තුමිය, පළාත් සභා අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් පාලන කොමසාරිස්තුමිය, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ, පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, පළාත් පරිවාස කොමසාරිස්, අන්තරායක ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ දිස්ත්‍රික් නිළධාරින් සහ සියලුම ආගමික නායකයන්, සිවිල් සංවිධාන නියෝජිතයන් ඇතුළු පිරිසක් සහභාගි විය .