පොළොන්නරුව සංචාරය අතරතුර අල් හිලාල් මුස්ලිම් මධ්‍ය මහා විද්‍යාලය සහ සෙවනපිටිය මහා විද්‍යාල අගමැතිනියගේ නිරීක්ෂණයට

පොළොන්නරුව සංචාරය අතරතුර අල් හිලාල් මුස්ලිම් මධ්‍ය මහා විද්‍යාලය සහ සෙවනපිටිය මහා විද්‍යාල අගමැතිනියගේ නිරීක්ෂණයට
  • SocialShare:

අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්‍ය හරිනි අමරසූරිය මහත්මිය, පොළොන්නරුව සංචාරය අතරතුර අල් හිලාල් මුස්ලිම් මධ්‍ය මහා විද්‍යාලය සහ සෙවනපිටිය මහා විද්‍යාලය වෙත හදිසි නිරීක්ෂණ චාරිකාවක් සිදු කළාය.

  එම පාසල් දෙකම දුෂ්කර තත්වයන් මැද අධ්‍යාපන ලබා දෙන පාසල් ලෙස හඳුනාගෙන තිබේ. අමාත්‍යතුමිය එම අවස්ථාවට පැමිණි විට පාසල් දරුවන් සමග සුහද සංවාදයක නිරත වූ අතර, ඔවුන්ගේ ඉගෙනුම් අවශ්‍යතා සහ අභියෝග පිළිබඳ සොයා බැලීය.

  තවද, ගුරු භවතුන් සමගද  අමාත්‍යතුමිය, ඔවුන්ගේ රාජකාරි කටයුතු අතරතුර මුහුණපාන ගැටලු සහ අවශ්‍යතා පිළිබඳව සාකච්ඡා කළාය. එසේම, ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සැලැස්ම පිළිබඳවද ගුරු භවතුන් සමග අදහස් විමසීම් සිදු කළාය.

  මෙම නිරීක්ෂණ චාරිකාව තුළින් පළාත් මට්ටමේ අධ්‍යාපන තත්ත්වය, පාසල්වල සම්පත් අවශ්‍යතා, සහ දුෂ්කර පරිසරවල අධ්‍යාපනික අභියෝග පිළිබඳ වඩාත් යථාර්ථවත් අවබෝධයක් ලබා ගැනීමට හැකි වූ බව අමාත්‍යතුමිය සඳහන් කළාය.

  නිවාස ඉදිකිරීම් හා ජල සම්පාදන නි‍යෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත්, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන පද්මසිරි බණ්ඩාර,  සුනිල් රත්නසිරි, යන මහත්වරුන් ඇතුළු අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීහු  මෙම අවස්ථාවට සහභාගී වූහ.