හදිසි ආපදා තත්වයන් වලදී මහජන නියෝජිතයින් සහ නිලධාරීන් අතර සන්නිවේදනය ඉතාම ඉක්මනින් සිදුවිය යුතුයි - නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර

හදිසි ආපදා තත්වයන් වලදී මහජන නියෝජිතයින් සහ නිලධාරීන් අතර සන්නිවේදනය ඉතාම ඉක්මනින් සිදුවිය යුතුයි -  නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර
  • SocialShare:

හදිසි ආපදා තත්වයන් වලදී මහජන නියෝජිතයින් සහ නිලධාරීන් අතර සන්නිවේදනය ඉතාම ඉක්මනින් සිදුවිය යුතු බව නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පවසයි.

නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (23) කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ දී පැවති  කොලොන්නාව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී අදහස් දක්වමිනි.

මෙම රැස්වීම කොලොන්නාව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති , නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකරගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණ.

මූලික වශයෙන්ම 2025 වර්ෂයේ සංවර්ධන වැඩසටහන් ප්‍රගතිය පිළිබද අදහස් විමසූ අතර, මෙහිදී ග්‍රාමීය සංවර්ධන වැඩසටහන්වල ප්‍රගතිය පිළිබඳව සමාලෝචනය කල අතර ග්‍රාමීය මාර්ග සංවර්ධන වැඩසටහන පිළිබඳව ද විශේෂ අවධානයක් යොමු විය.

විශේෂ ආපදා තත්වයක දී ආපදා කමිටු හරහා එම තත්වයන් ට මුහුණ දීමට ඇති හැකියාවන් පිළිබදවත් මේ වන විට පවතින අයහපත් කාලගුණික තත්වය යටතේ ජනතාවට මුහුණ පෑමට සිදුව ඇති තත්වය පිළිබදවත් විශේෂයෙන් සාකච්ඡා සිදු සිදු කෙරුණි.

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ ඩෙංගු , චිකන්ගුන්‍යා, කොවිඩ් රෝග ව්‍යාප්තිය පිළිබදවත් ප්‍රජා සෞඛ්‍ය තත්වය පිළිබදව දත්ත වාර්තා සහිතව අවධානය යොමු වූ අතර ග්‍රාම සේවා වසම් හි මහජන ආරක්ෂක කමිටු පිහිටුවීමේ වැඩසටහන යටතේ මේ වන විට ප්‍රගතිය පිළිබදවත් නියෝජ්‍ය අමාත්‍යවරයා නිළධාරීන්ගෙන් විමසා සිටියේ ය.

වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා ප්‍රකාශ කර සිටියේ, හදිසි ආපදා තත්වයන් හි දී ඉතාම ඉක්මනින් ක්‍රියාමාර්ග තෝරාගෙන කටයුතු කිරීම තුලින්, සිදුවන හානිය අවම කරවා ගත හැකි වගත් ඒ වෙනුවෙන් මහජන නියෝජිතයින් සහ නිලධාරීන් අතර සන්නිවේදය කඩිනමින් සිද්ධ විය යුතු වගත්‍ ය .

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර්, කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ සභාපති ධනුශ්ක ප්‍රියදර්ශන, කොලොන්නාව නගර සභාවේ සභාපති ධම්මික විජේමුණි , කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් ප්‍රියනාත් පෙරේරා ඇතුළු නිලධාරීහු සහභාගී වූහ.