ප්‍රදේශ කිහිපයකට හෙට ජල සැපයුම අත්හිටුවේ

ප්‍රදේශ කිහිපයකට හෙට ජල සැපයුම අත්හිටුවේ
  • SocialShare:

අඹතලේ ජල පවිත්‍රාගාරයට ජලය ලබා ගන්නා ප්‍රධාන තුළුමුව පොම්පාගාරයට විදුලි සැපයුම අත්හිටුවීමට සිදුවන බැවින් හෙට (23) පෙරවරු 10.00 සිට පස්වරු 8.00 දක්වා ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව නිවේදනයක් නිකුත් කරමින් ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය දැනුම් දෙයි.

ඒ අනුව කොළඹ 01 සිට 15 දක්වා ප්‍රදේශ , බත්තරමුල්ල , පැලවත්ත, හෝකන්දර , කොස්වත්ත , තලවතුගොඩ, කෝට්ටේ , රාජගිරිය , මිරිහාන , මාදිවෙල , නුගේගොඩ, නාවල, කොළොන්නාව , IDH , කොටිකාවත්ත , අංගොඩ, වැල්ලම්පිටිය , ඔරුගොඩවත්ත , මහරගම සහ බොරලැස්ගමුව යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම විසන්ධි කෙරේ.

ජල සැපයුම අත්හිටුවීමෙන් පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතාවය පිළීබඳ එම මණ්ඩලය කණගාටුව පළකර සිටින අතර ජලය කල්තබා රැස්කර ගන්නා ලෙස ද  ඉල්ලා සිටී.