කළුතර වේලාපුර, කිරම ධම්මානන්ද සහ සමන්තුරෙයි අල් අර්සත් යන මහා විද්‍යාලවල සහ රිකිල්ලගස්කඩ පොරමඩුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ සිසුසිසුවියන්හට ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කෙරෙන ‘Vision’ වැඩසටහනට සහභාගී වීමට පසුගියදා (10) අවස්ථාව උදා විය.
ජනාධිපති කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ පාර්ලිමේන්තු ජනසන්නිවේදන අංශය එක්ව පාසල් සිසුන් උදෙසා මෙම වැඩසටහන ක්‍රියාත්මක කරයි.
මෙහිදී, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල බණ්ඩාර මහතා විසින් අනාගත නායකත්වය සහ නායකයකු සතු විය යුතු ගුණාංග පිළිබඳව හරවත් දේශනයක් සිදු කරන ලදී.
මෙම වැඩසටහනට සමගාමීව පරිසර සංරක්ෂණයේ වැදගත්කම සංකේතවත් කරමින් තිළිණයක් ලෙස පාසල් වෙත වටිනා පැළ ප්‍රදානයක්ද සිදු කෙරිණි.
ජනාධිපති කාර්යාලයේ ත්‍රිවිධ හමුදා සම්බන්ධීකරණ ඒකකයේ අධ්‍යක්ෂ එයාර් කොමදෝරු ආසිරි ගාල්ලගේ, එහි සහකාර අධ්‍යක්ෂ මේජර් නදීක දංගොල්ල යන මහත්වරුද, එම විද්‍යාලවල විදුහල්පතිවරුන්, ගුරු මහත්ම-මහත්මීන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගි වූහ.


