සා /පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

සා /පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ
  • SocialShare:

2024 අ.පො.ස.(සා/පෙළ) විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර ඇත.

එම ප්‍රතිඵල ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිස විභාග අංකය හෝ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කිරීමෙන් ලබාගත හැක.

මෙම නැවත සමීක්ෂණ ප්‍රතිඵල මත 2025 අ.පො.ස.(සා.පෙළ) විභාගය සඳහා අයදුම් කිරීමට බලාපොරොත්තු වන අයදුම්කරුවන්ට ද අද (09) මධ්‍යම රාත්‍රී 12.00 දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් ඉදිරිපත් කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව සඳහන්කරයි.

කිසිදු හේතුවක් මත අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය තව දුරටත් දීර්ඝ කිරීමක් සිදුනොකරන බව ද විභාග දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

මෙම විභාගයේ ප්‍රතිඵල සම්බන්ධයෙන් යම්කිසි විමසීමක් වේ නම් ඒ සඳහා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාවේ දුරකථන අංක 0112784208, 0112784537සහ  0112785922 ද , ක්ෂණික ඇමතුම් අංක 1911 ද , ෆැක්ස් අංක 0112784422 ද අමතා තොරතුරු ලබා ගත හැකිය.