ශ්‍රී ලංකා මුස්ලිම් ජනමාධ්‍යවේදීන්ගේ සංසදයේ තිස්වන සංවත්සරය සැමරේ

ශ්‍රී ලංකා මුස්ලිම් ජනමාධ්‍යවේදීන්ගේ සංසදයේ තිස්වන සංවත්සරය සැමරේ
  • SocialShare:

ශ්‍රී ලංකා මුස්ලිම් ජනමාධ්‍යවේදීන්ගේ සංසදයේ තිස්වන සංවත්සරය සහ වාර්ෂික මහසභාව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා තැපැල් මුලස්ථාන ශ්‍රවනාගාරයේ දී අද (27) පැවැත්විණි.

මෙහි දී දීර්ඝ කාලීනව ජනමාධ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් අනගි මෙහෙවරක් සිදු කළ ජනමාධ්‍යවේදීන් අගය කිරීමට ද ලක් කෙරිණි.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ සෞදි අරාබි රාජ්‍යයේ තානාපති ගරු කාලීඩ් හාමඩ් නසර් අල්කතානි (Khalid Hamoud Nasser Alkahtani) සහ ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති ගරු ඉහාබ් කලීල් ,රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් හර්ෂ බණ්ඩාර,  මුස්ලිම් ජනමාධ්‍යවේදීන්ගේ සංසදයේ සභාපති N.M.Ameen, මහ ලේකම් N.A.M.Sadique Shihan, භාණ්ඩාගාරික Kiyas A Buhary, ජාතික සංවිධායක Irshad A Cader යන මහත්වරුන් ද, මුස්ලිම් ජනමාධ්‍යවලින්ගේ සංගමයේ සාමාජික මාධවේදීන් පිරිසක් ද සහභාගී වී සිටියේ ය.