නව තාක්ෂණය සමඟ ප්‍රාදේශීය මාධ්‍යෙව්දීන්ගේ ධාරිතා සංවර්ධන වැඩසටහන් රැසක්

නව තාක්ෂණය සමඟ ප්‍රාදේශීය මාධ්‍යෙව්දීන්ගේ ධාරිතා සංවර්ධන වැඩසටහන් රැසක්
  • SocialShare:

නව තාක්ෂණයට සමගාමීව මාධ්‍යෙව්දීන්ගේ ධාරිතා සංවර්ධන වැඩසටහන් රැසක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මගින් ඉදිරි වර්ෂයේදී දියත් කරන බව එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් හර්ෂ බණ්ඩාර මහතා පවසයි.

කෘතිම බුද්ධිය ඇතුලුව නූතන තාක්ෂණීක සමාජය අත්කර ඇති දියුණුවට සාපේක්ෂව මාධ්‍යෙව්දීන්ගේ හැකියාවන්ද වර්ධනය විය යුතු බැවින් පුහුණු පාඨමාලා සහ වැඩමුළු පවත්වන බව ද ඒ මහතා පැවසුවේය.

රජයේ ප්‍රවෘත්ති අධක්ෂජනරාල්වරයා මෙම අදහස් පළ කරන ලද්දේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මහනුවර දිස්ත්‍රික්යේ මාධ්‍යෙව්දීන් වෙනුවෙන් එම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඊයේ (26) පවත්වන ලද ඇසි දිසි පියවර මහනුවර දිස්ත්‍රික් මාධ්‍ය වැඩමුළුවට සහභාගීවෙමිනි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතීමේදී කළ ප්‍රකාශයට අනුව ඩිජිටල් හා කෘතිම බුද්ධියට අදාල වූ ප්‍රජාතන්ත්‍රවාදය ඉදිරියේදී ක්‍රියාත්මක වන බව කී ඒ මහතා ඊට සමගාමීව මාධ්‍යෙව්දීන් සඳහා ඩිජිටල් උපකරණ වලට පිවිසීම, ඩිජිටල් උපකරණ භාවිතයට අදාල දැනුම ලබා දීම සහ එම තාක්ෂණයට ප්‍රවේශවීමට ඇති බාධා ඉවත් කිරීම ඉදිරි වර්ෂයේදී සිදුවන බව ද සඳහන් කළේය.

තරුණ තරුණියන් මාධ්‍යකරණයට පිවිසීමේ අඩුවක් පෙන්නුම් කරන බවත් දැනට ක්‍රියාකාරී මාධ්‍යෙව්දීන්ගේ හැකියාවන් වර්ධනය කිරීම මගින් මාධ්‍ය ක්ෂේත්‍රෙය් මතුවන අඩුලුහුඩුකම් මඟ හරවා ගත හැකි බවත් ඒ මහතා පැවසුවේය. මාධ්‍යෙව්දීන්ගේ කුසලතා වර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය මගින් පාඨමාලා කිහිපයක් පැවැත්වීම සම්බන්ධයෙන් දැනටමත් සාකච්ඡා කළ බවත් නුදුරේදීම එම පාඨමාලා දියත් කරන බව හර්ෂ බණ්ඩාර මහතා කීවේය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඉදිරි වර්ෂයේදි පවත්වන මාධ්‍ය වැඩමුළු කෘතිම බුද්ධිය හා තාක්ෂණය සමඟ ඒකාබද්ධ වූ පුහුණු වැඩසටහන් බවට පරිවර්ථනය කර ගන්නා බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂජනරාල් ප්‍රසන්න පෙරේරා, ජනපති මාධ්‍ය උපදේශක චන්දන සූරිය බණ්ඩාර, මහනුවර අතිරේක දිස්ත්‍රික් ලේකම් ලලිත් ඇටම්පාවල, එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සිසිර යාපා, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ අයි.පී.තිලකරත්න, මහනුවර දිස්ත්‍රික් ප්‍රවෘත්ති නිලධාරී තනූජ කේ. අබේසේකර යන මහත්වරු ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට සහභාගීවිය.