ඉන්දීය බලශක්ති අමාත්‍ය ශ්‍රී මනෝහාර් ලාල් කට්ටාර් මහතා සහ බලශක්ති අමාත්‍යවරයා අතර හමුවක්

ඉන්දීය බලශක්ති අමාත්‍ය ශ්‍රී මනෝහාර් ලාල් කට්ටාර් මහතා සහ බලශක්ති අමාත්‍යවරයා අතර හමුවක්
  • SocialShare:

ඉන්දීය බලශක්ති, නිවාස සහ නාගරික කටයුතු අමාත්‍ය ශ්‍රී මනෝහාර් ලාල් කට්ටාර් මහතා සහ බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා අතර හමුවක්  ඊයේ  (23 ) ඉන්දියාවේ නවදිල්ලි නුවරදී සිදුවිය.

එහිදී දෙරට අතර බලශක්ති සහයෝගීතාව වර්ධනය කිරීම සහ දැනට ඉන්දියාව සමග මෙරට ආරම්භ කර ඇති ව්‍යාපෘති වල ප්‍රගතිය මෙන්ම අනාගත ආයෝජන පිලිබදවද  සාකච්ඡාවට ලක්විය.

ඊයේ (23) නවදිල්ලි හි ටාජ් පැලස් හෝටල් පරිශ්‍රයේදී පැවැත්වෙන VI වන බලශක්ති සංක්‍රාන්ති සමුළුව සහ ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වන අතර ඊට සමගාමීව මෙම හමුව සිදුවිය.

2030 වන විට පුනර්ජනනීය බලශක්ති (RE) ප්‍රභවයන් භාවිතා කරමින් රට තුළ විදුලි උත්පාදනයෙන් 70% ක් ලබා ගැනීම අපේ බලශක්ති ප්‍රතිපත්තිය බවත්, අනාගත බලශක්ති අරමුණු ජයගැනීමට සාම්ප්‍රධායික පොසිල ඉන්ධන ප්‍රභවයන්ගෙන් මිදී හරිත සහ පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වෙත සංක්‍රමණය වීම අත්‍යවශ්‍ය කරුණක් බවත් බලශක්ති සංක්‍රාන්ති සමුළුව අමතමින් අමත්‍යවරයා පැවසුවේය.

මහජනතාව උදෙසා විශ්වාසදායක, ආරක්ෂිත සහ තිරසාර බලශක්ති පද්ධතියක් නිර්මාණය කිරීම අපේ රජයේ අරමුණ බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

මෙම සමුළුව ඉන්දියානු කර්මාන්ත සම්මේලනය විසින් සංවිධානය කරන ලදී.

මෙම අවස්ථාව සඳහා තමිල්නාඩු රජයේ ප්‍රවාහන හා විදුලිබල අමාත්‍ය එස්.එස්. සිවසංකර් මහතා, CII හි හිටපු සභාපති සහ ITC හි සභාපති සංජීව් පූරි මහතා, ෆස්ට් සෝලර් හි ඉන්දියාවේ උප සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ සුජෝයි ගෝෂ් මහතා, ඉන්දියාවේ එන්විෂන් හි ප්‍රධාන විධායක නිලධාරී ආර්.පී.වී. ප්‍රසාද් මහතා යන අයද සහභාගි විය.