රටේ ජාතික සමගිය , සංහිඳියාව වෙනුවෙන් රජය සුබවාදී මාවතකට අවතීර්ණ වී සිටිනවා - කැබිනට් මාධ්‍ය ප්‍රකාශක

රටේ ජාතික සමගිය , සංහිඳියාව වෙනුවෙන් රජය සුබවාදී මාවතකට අවතීර්ණ වී සිටිනවා - කැබිනට් මාධ්‍ය ප්‍රකාශක
  • SocialShare:

අද ලෝකය ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රනතවාදය , මානව හිමිකම් , සංහිඳියාව සම්බන්ධයෙන් සුබවාදී බලාපොරොත්තු සහිත තැනක පවතින බවත් ජනාධිපතිවරයා ධුරයට පත්වී වසරකටත් වඩා අඩු කාලයක් තුළ ජාතික සංහිඳියාව සහ ඒ්කග්‍රතාවය ,මානව හිමිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් දුෂණයට ඒරෙහිව ගනු ලැබූ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ජාත්‍යන්තරය තුළ ඇගයීමට ලක්වී ඇති බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක , සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (09) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමිනි.
එසේම මේ වනවිට අධිකරණ පද්ධතියේ අපක්ෂපාතීත්වය,ස්වාධීනත්වය සහ විශ්වසනීයත්වය ඉහළ යමින් පතින බවත් මෑත මාස කිහිපය තුළ අධීකරණ පද්ධතිය ලබා දුන් තීන්දු හේතුවෙන් ඒ බවතහවුරු වූ බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
රටේ සංහිඳියාව සහ ජාතික සමගිය ඇති කර ගැනීම සඳහා රජය සුබවාදී මාර්ගයකට අවතීර්ණ වී ඇති බව පෙන්වා දෙන අමාත්‍යවරයා ජනතාව පසුගිය මැතිවරණවලට වඩා ශත්තිමත් ජනමතයක් ලබා දුන් බවත ඒ් වෙනුවෙන් රජය ප්‍රගතිශීලි තීරණ රැසක් ක්‍රියාත්මක කළ බවත් පෙන්වා දුන්නේය.එම ක්‍රියාමාර්ගයන් ජාත්‍යන්තර නිරීක්ෂණයට ලක්වී ඇති බව පවසන අමාත්‍යවරයා අධිකරණ පද්ධතිය කෙරෙහි විශ්වාසය තබා ඇති බැවින් මානව හිමිකම් කඩ කරන ලද අවස්ථා පරීක්ෂා කිරීම් සඳහා රාජ්‍ය යාන්ත්‍රණය මෙහෙයවීමේදී රජය මැදිහත් වී අවශ්‍ය පහසුකම් සපයා දීම නිසාත් දේශීය යාන්ත්‍රණයක් තුළින් ප්‍රශ්නවලට සාධාරණ විසඳුමක් ලබා ගත හැකි වන බවට හෙතෙම විශ්වාසය පළ කරයි.
එසේම ජාතික සමගිය, සංහිඳියාව වෙනුවෙන් ජාත්‍යන්තර ප්‍රජාව දක්වන අවධානය අගය කරන බවත් දේශීය යාන්ත්‍රණයක් හරහා මෙම කටයුතු සිදු කළ හැකි බවත් අනවශ්‍ය මැදිහත්වීම් සිදුකර රජය සිදුකෙරෙමින් පවතින සංහිඳියා ක්‍රියාවලියට බාධා කිරීම් සිදු කිරීමට අවශ්‍ය නොවන බවත් කුඩා ත්‍රස්තවාදී හෝ අන්තවාදී කණ්ඩායම් පෝෂණය වන ආකාරයට මැදිහත්වීම් අනුමත නොකරන බවත් පවසන අමාත්‍යවරයා ජාත්‍යන්තරයට ඉදිරියේදී රජය ගෙනයන වැඩපිළීවෙළ පිළිබඳව නිරීක්ෂණය කළ හැකි වන බවත් වැඩිදුරටත් පෙන්වා දුන්නේය.