මාතලේ දිස්ත්‍රික් මහ රෝහලේ සංවර්ධන ව්‍යාපෘති රැසක් ජනතා අයිතියට

මාතලේ දිස්ත්‍රික් මහ රෝහලේ සංවර්ධන ව්‍යාපෘති රැසක්  ජනතා අයිතියට
  • SocialShare:

මාතලේ දිස්ත්රික් මහ රෝහලේ රුපියල් මිලියන 170කට අධික වියදමින් සිදුකළ සංවර්ධන ව්යාපෘති රැසක් අද (07) සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්රධානත්වයෙන් ජනතා අයිතියට පත්කෙරිණි.

ඒ යටතේ රුපියල් මිලියන 57 කට අධික වියදමින් නවීකරණය කරන ලද බාහිර රෝගී අංශය සහ හදිසි ප්රතිකාර ඒකකය, රුපියල් මිලියන 5කට අධික මුදලක් වැය කර නවීකරණය කරන ලද රෝහලේ පොදු ගබඩාව සහ රුපියල් මිලියන 8කට අධික මුදලක් වැයකර රෝහල් පරිශ්රයේ අලුතින් ස්ථාපනය කරන ලද කසළ කලමණාකරන ඒකකය ද ඇතුළත් විය.
එමෙන් ම ප්රතිසංස්කරණ කටයුතු අවසන් කර ඇති වෛද්යවරුන් ඇතුළු සෞඛ්ය කාර්ය මණ්ඩලයට අවශ්ය නිල නිවාස සහ රථ ගාල්, 18 වාට්ටුව, රෝහල් ආරක්ෂක අංශයේ කාර්යාලය මෙම ව්යාපෘති වලට අයත් ය. මේ වන විට ප්රතිසංස්කරණ කටයුතු සිදු කෙරෙමින් පවතින 5,6,7,9 සහ 13 වාට්ටු, සූතිකාගාරය, මාතෘ වාට්ටු සංකීර්ණය, ශල්ය වාට්ටුව සහ අලංකරණය කරමින් පවතින බාහිර රෝගී අංශ පිවිසුම සහ රෝහල් භූමිය ඇතුළු සංවර්ධන ව්යාපෘති ද, බාහිර රෝගී අංශ රසායනාගාරය, බාහිර රෝගී අංශ ඖෂධ නිකුත් කරන ස්ථානය, හදිසි ප්රතිකාර ඒකකය, වාට්ටු, මුළුතැන්ගෙය, සායන පරිශ්රය ඇතුළු ස්ථාන සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය නලින්ද ජයතිස්ස මහතාගේ විශේෂ නිරීක්ෂණයට ද මෙහි දී ලක්වීය.
මීට අමතරව රෝහල් පරිශ්රයේ හරිත පරිසර කමිටුව විසින් සංවිධානය කර තිබූ වගා ව්යාපෘතිය ද ආරම්භ කරමින් අමාත්යවරයා රෝහල් පරිශ්රයේ පොල් පැලයක් සිටුවීමට ද එක්විය.
මෙදින ජනතා අයිතියට පත්කළ සියලු ව්යාපෘතීන් සඳහා රුපියල් මිලියන 170 කට අධික මුදලක් වැයකර ඇති බවත්, මෙම වර්ෂයේ දී මාතලේ දිස්ත්රික් මහ රෝහලේ සංවර්ධන කටයුතු සඳහා රුපියල් මිලියන 500 ක මුදලක් වෙන් කර ඇති බවත්, ඉතිරි ව්යාපෘති ද මෙම වසර අවසන් වීමට පෙර නිමා කිරීමට බලාපොරොත්තු වන බවත්, රෝහල් අධ්යක්ෂ විශේෂඥ වෛද්ය සුසන්ත ප්රනාන්දු මහතා මෙහි දී අවධාරණය කර සිටියේ ය.
විවෘත කිරීම් සහ රෝහල් පරිශ්රය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව අමාත්යවරයා රෝහල් පාලන අධිකාරිය සහ කාර්ය මණ්ඩලය සමග විශේෂ සාකච්ඡාවක ද නිරත විය.
එහි දී අදහස් දැක්වූ අමාත්යවරයා තම මව්රටට සේවය කිරීම සඳහා නැවත පැමිණෙන ලෙස විදේශගතව සිටින විශේෂඥ වෛද්යවරුන්ගෙන් පොදු ඉල්ලීමක් කල අතර ඔවුන්ට අවශ්ය සියලු පහසුකම් ලබා දීමට කටයුතු කරන බව ද පැවසී ය.
මෙහි දී මාතලේ දිස්ත්රික් මහ රෝහල පිළිබඳව අදහස් දැක් වු අමාත්යවරයා තමා දුටු සුන්දරම පරිසරයකින් යුත් රෝහලක් ලෙස මාතලේ දිස්ත්රික් මහ රෝහල හදුන්වනු ලැබීය. රෝහලක් ගොඩනැගිලි, උපකරණ වලට පමණක් සීමා නොවී සුවදායක සහ අලංකාර පරිසරක් නිර්මාණය කරගතයුතු බවත්, එම කාර්යය මෙම රෝහලේ ඉතා විශිෂ්ට ආකාරයෙන් ඉටුකර ඇතැයි ද සඳහන් කළේය. මාතලේ දිස්ත්රික් මහ රෝහලේ ගොඩනැගිලිවල අඩුපාඩු සහ අනෙකුත් අවශ්යතාවයන් සලකා බලා ලබන වසරේ දී මහල් පහකින් යුත් ගොඩනැගිල්ලක් ලබා දීමට කටයුතු කරන බව ද අමාත්යවරයා වැඩිදුරටත් පැවසී ය. ඒ අයුරින්ම මෙරට තෘතීයීක රෝගී සත්කාර සේවාවන් සපයන රෝහල් සියල්ලට අවශ්ය භෞතික හා මානව සම්පත් සියල්ල ද ඉදිරි කාලයේ දී නිබඳව සැපයීමට සැලසුම් කර ඇති බව ද අමාත්යවරයා සඳහන් කළේ ය.