වියට්නාමයේ පැවති අන්තර්ජාතික ගණිත තරගාවලියේ පදක්කම්ලාභී ශ්‍රී ලාංකික පාසල් සිසු සිසුවියන් යළි මෙරටට

වියට්නාමයේ පැවති අන්තර්ජාතික ගණිත තරගාවලියේ පදක්කම්ලාභී ශ්‍රී ලාංකික පාසල් සිසු සිසුවියන් යළි මෙරටට
  • SocialShare:

ගණිත ඔලිම්පියාඩ් වැඩසටහන යටතේ මෙවර 2025.08.14 දින සිට 2025.08.19 දින දක්වා දින පහක කාලයක් වියට්නාමයේ ඩැනැන්ග් නුවර පැවති අන්තර්ජාතික ගණිත තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ සිසු සිසුවියන් 12 දෙනා දිනූ පදක්කම් ද සමගින් පසුගියදා යළි මෙරටට පැමිණියහ.


සිසුන්ගේ චින්තන හැකියාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ගණිත ශාඛාව, පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු හා එක් ව මෙම වැඩසටහන මෙරට පාසල් තුළ වාර්ෂික ව ක්‍රියාවට නංවනු ලබයි. පළාත් හා ජාතික මට්ටමින් සිසුන් පුහුණු කර තෝරා ගැනීමේ විභාග පවත්වා මේ සඳහා සිසුන් තෝරාගැනීම සිදු කෙරේ.
මෙවර පැවති තරගාවලියට ඇමරිකා එක්සත් ජනපදය, ඉන්දියාව, කොරියාව, මැලේසියාව, කැනඩාව, චීනය ආදි රටවල් ‍40 ක තරග කණ්ඩායම් 145ක් තරග කරන ලද අතර කේවල කාණ්ඩ ii හා iii යටතේ ඉදිරිපත් වී රිදී පදක්කමක්, ලෝකඩ පදක්කම් 4ක් සහ කුසලතා සම්මාන 5ක් දිනාගැනීමට මෙරට සිසු සිසුවියන් සමත් වී තිබේ. මෙම තරගාවලියට සමගාමී ව පැවති සංස්කෘතික උළෙලේ දී මෙරට කණ්ඩායම ප්‍රථම ස්ථානය දිනා ගැනීම ද විශේෂත්වයකි.