මහජන ධනය අවභාවිත කළ සියලු දෙනා නීතිය හමුවට

මහජන ධනය අවභාවිත කළ සියලු දෙනා නීතිය හමුවට
  • SocialShare:

අපරාධ දූෂණවලට හවුල් සහ මහජන ධනය අවභාවිත කළ සියලු දෙනා නීතිය හමුවට පමුණුවන බව ජනපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


ඒ් මහතා මේ බව පැවසුවේ අද(26) පස්වරුවේ පැවති ජාතික භික්ෂු දින සැමරුම් උත්සව අවස්ථාවට එක්වෙමිනි.
වැඩිදුරටත් අදහස් දක්වමින් ජනපති මෙසේද පැවසීය.

“සෑම දෙනාම නීතිය ඉදිරියේ සමාන විය යුතුයි. එවැනි සංස්කෘතියක් අපි හදනවා. ධනය, බලය, තනතුරු, ඉතිහාසය, විරාජමානව බලය හෙබවීම, කිසිවක් අදාළ නැහැ. නීතියේ ඉදිරියේ හැමදෙනාම සමානයි.“