ඉතිහාසයේ මසක් තුළ ඉපැයූ වැඩිම අපනයන ආදායම ජූලි මාසයේ

ඉතිහාසයේ මසක් තුළ ඉපැයූ වැඩිම අපනයන ආදායම ජූලි මාසයේ
  • SocialShare:

ශ්‍රී ලංකාවේ මසක් තුළ ලබා ගත් ඉහළම අපනයන ආදායම ජූලි මාසයේදී වාර්තා වූ බව ශ්‍රී ලංකා අපනයන මණ්ඩල සභාපති මංගල විජේසිංහ මහතා පැවසීය . 

ජූලි මාසයේ මෙරට අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 1641 දක්වා වැඩි වී තිබේ. ඊයේ (25) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය. තවද පසුගිය ජනවාරි මාසයේ සිට ජූලි මාසය දක්වා අපනයන ආදායම ඇ.ඩො.මි. 10 කට ආසන්න වී ඇති බවත්, එය ඉතාමත් කැපී පෙනෙන වර්ධනයක් බවත් ඒ් මහතා පෙන්වා දුන්නේය.

භාණ්ඩ අංශයේ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 1304 ක්ද, සේවා අංශයේ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 337 ක් දක්වා වර්ධනය වී තිබේ. එය පසුගිය වසර සමග සැසදීමේ දී 15.37%ක වර්ධනයක්. සේවා අංශයේ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 337ක් දක්වා වර්ධනය වී තිබේ.

අපනයන ක්ෂේත්‍රයේ කැපී පෙනෙන අංශ ලෙස ඇඟලුම් කර්මාන්තය , තේ, පොල් ආශ්‍රිත නිශ්පාදන , සැකසු ආහාර, ස්වර්ණාභරණ සහ එලවලු ,පලතුරු ඇතුළු අංශ වල කැපී පෙනෙන වර්ධනයක් සිදු ව ඇත.

අපනයන ආදායම සඳහා ඇමරිකා එක්සත් ජනපදය වැඩි දායකත්වයක් සපයන අතර, එය මිලියන 275 කට වැඩි අගයකි. ජර්මනිය , ඉතාලිය , ඉන්දියාව , ජපානය, ඕස්ට්‍රේලියාව අපනයන ආදායමේ කැපී පෙනෙන වර්ධනයක් ජූලි මාසය තුල දී සිදු ව ඇත. වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ් මහතා‌ මෙසේ පැවසීය.
"ජනවාරි සිට ජූලි දක්වා මාස 7ක අපනයන ආදායම දැන් අමෙරිකානු ඩොලර් බිලියන 10කට ආසන්න වෙලා තියෙනවා. එය ඉතාම කැපී පෙනෙන වර්ධනයක්. මෙය තමා මාස 7ක දී ලබාගත් ඉතා ඉහළම අපනයන වර්ධනය ශ්‍රී ලංකාවේ. අපි මේ වසරේ දී බලාපොරොත්තු වෙනවා විදේශ විනිමය සංචිතය ලංකාවේ ඩොලර් බිලියන 7.3කට යන්න. ඩොලර් බිලියන 10කට ආසන්න වූ මෙම අපනයන ආදායම වෙළෙඳ භාණ්ඩ අංශයේ අපනයන ආදායම අපි දකිනවා අ.ඩො.මි 7,800 ළං වෙලා තියෙනවා. සේවා අංශයේ අපනයන ආදායම ඩොලර් මිලියන 2,192 දක්වා වර්ධනය වෙලා.."
2028 වසර වන විට ඩොලර් බිලියන 15ක විදෙස් විනිමය සංචිතයක් ගොඩ නැගීමට බලාපොරොත්තු වන බවත් , ඒ් සඳහා අපනයන ක්ෂේත්‍රයේ දායකත්වය ලබා ගැනීමට බලාපොරොත්තු වන බවද කීය. විදෙස් ආයෝජකයන් මෙරටට ගෙන්වා ගනිමින් රට පුරා කර්මාන්ත බිහිකර , ග්‍රාමීය සංවර්ධනය තුළින් රටේ අපනයන ආදායම ඉහළ නංවා ගැනීමට බලාපොරොත්තු වන බවද කීය.