පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පොලිස්පති ධූරයට පත්වීමෙන් අනතුරුව ඊයේ(25) ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත වූ අතර, එහිදී ගුවන් හමුදාපති එයාර් මාෂල් බන්දු එදිරිසිංහ මහතා හමුවිය.
ශ්‍රී ජයවර්ධනපුර ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරී එයාර් කොමදෝරු බුද්ධික පියසිරි මහතා විසින් පොලිස්පතිතුමන්ව පිළිගනු ලැබූ අතර අංක 43 වර්ණ පක්ෂාංගය විසින් ගෞරව සම්මාන මුරයක්ද පිරිනමන ලදී.
අනතුරුව පොලිස්පතිතුමන් සහ ගුවන් හමුදාපතිතුමන් සුහද පිලිසදරක නිරත විය. එහිදී ගුවන් හමුදාපතිතුමන් විසින් පොලිස්පතිතුමා වෙත සිය සුභාශිංෂණද පල කරන ලද අතර හමුව සිහි ගන්වමින් දෙදෙනා අතර සමරු ඵලක හුවමාරුවක්ද සිදු විය.


