අත්තනගල්ල කරස්නාගල පානීය ජල ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු නාගරික සංවර්ධන අමාත්‍යවරයාගේ නිරීක්‍ෂණයට

අත්තනගල්ල  කරස්නාගල පානීය ජල ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු නාගරික සංවර්ධන අමාත්‍යවරයාගේ නිරීක්‍ෂණයට
  • SocialShare:

2017 වසරේ චීන සංවර්ධන බැංකුවේ ණය ආධාරයක් යටතේ ආරම්භ වූ අත්තනගල්ල - කරස්නාගල පානීය ජල ව්‍යාපෘතියේ අවසන් ඉදිකිරීම් කටයුතු නාගරික සංවර්ධන ඉදිකිරීම් හා නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ නිරීක්ෂණයට ලක් විය.

මෙම පානීය ජල ව්‍යාපෘතිය මඟින් ගම්පහ, අත්තනගල්ල, මිනුවන්ගොඩ ප්‍රදේශීය ලේකම් බල ප්‍රදේශ වල හා මීරිගම, මහර ප්‍රදේශීය ලේකම් බල ප්‍රදේශ වල කොටසකටත් අයත් ජනතාවට ජල පහසුකම් ලබා දීමට සැලසුම් කර තිබේ.

මෙම ජලාශය ඉදිකිරීමේදී අවතැන් වන පවුල් 95ක් පමණ සිටින අතර ඔවුන්ට ව්‍යාපෘතිය මඟින් වන්දි මුදල් හා ඉඩම් ලබා දීමට කටයුතු අවසන් කර තිබේ. ඉතිරි වී ඇති සුළු ඉදිකිරීම් කටයුතු අවසන් කර මෙම පානීය ජල ප්‍යාපෘතිය නොබෝ දිනකින් ජනතා අයිතියට පවරා දීමට කටයුතු කරන බව මෙම අවස්ථාවේදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.