ජනතාවට සිදුවන ගැටලු අවම කර ගනිමින් සංවර්ධන ව්‍යාපෘති සිදු කරනවා - බලශක්ති ඇමැති

ජනතාවට සිදුවන ගැටලු අවම කර ගනිමින් සංවර්ධන ව්‍යාපෘති සිදු කරනවා - බලශක්ති ඇමැති
  • SocialShare:

ජනතාවට සහ පරිසරයට සිදුවන හානි අවම කර ගනිමින් සංවර්ධන ව්‍යාපෘති සිදු කරන බව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පැවසීය. මන්නාරම ප්‍රදේශයේ යෝජිත සුළං විදුලි බලාගාරය සහ ඒ සම්බන්ධයන් මතු වී ඇති ගැටලු පිළිබඳ පැහැදිළි කිරීම සඳහා අද(15) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

 

අඩුම මුදලකට ජනතාවට සහ කර්මාන්ත සඳහා විදුලිය ලබා දීමේ රජයේ අරමුණ බවත් විදුලි ව්‍යාපෘති අනුමත කිරීමේදී ඉතා විනිවිද භාවයෙන් එම කටයුතු සිදු කෙරෙන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

රටේ විවිධ ප්‍රදේශවල තිබෙන ස්වභාවික සම්පත්වල විභවතාවය අනුව, එම සම්පත් රටේත් ජනතාවගේත් උන්නතිය වෙනුවෙන් යොදා ගන්නා බවත්, මන්නාරම සුළං විදුලිය සඳහා විභවතාවයක් ඇති ප්‍රදේශයක් ලෙස හඳුනාගෙන ඇති බවත්, පෙන්වා දුන් අමාත්‍යවරයා එහෙත් පරිසරයට සහ ජනතාවට සිදුවන හානිය අවම කර ගනිමින් එම ප්‍රදේශවල ව්‍යාපෘති සිදු කිරීමට සැලසුම් කර ඇතැයිද කීය.

සුළං විදුලිබලාගාර ව්‍යාපෘති යටතේ , මන්නාරම් ප්‍රදේශය සංවර්ධනය කිරීමට රජය සැලසුම් කර ඇති බවත් , කෝකිලායී පාලම, ප්‍රදේශයේ ජනතාවගේ පානීයය ජල ගැටලු විසඳීම සඳහා අයවැයෙන් මුදල් වෙන් කර ඇතැයිද කිය.

මේ වන විට මන්නාරම් සුළං විදුලි බලාගාර 02ක් සඳහා ගිවිසුම් ගත වී ඇති බවත්, නමුත් සුළං බලාගාරය හේතුවෙන් ප්‍රදේශයේ ජනතාවට ඇති වී ඇති ගැටලු  හේතුවෙන්

 එම දෙකෙහි ඉදි කිරීම් කටයුතු තාවකාලිකව අත්හිටුවීමට ද තීරණය කර ඇතැයිද කීය.

මේ සම්බන්ධයෙන් අධ්‍යනය කිරීම සඳහා විශේෂ කමිටුවක් පත් කර ඇතැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.