නානුඔය දුම්රිය ස්ථානයේ නවීකරණය කිරීම කඩිනම් කිරීමේ වැඩපිළිවෙළ මගින් දෙස් විදෙස් සංචාරකයන්ට ඇතිවන ගැටලු නිරාකරණය වන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ , නානුඔය දුම්රිය ස්ථානයේ නිරීක්ෂණ චාරිකාවට පසුගියදා එක්වෙමිනි.
දුම්රිය දෙපාර්තමේන්තුව සහ රජය එක්ව ව්‍යාපෘතියට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමට අපේක්ෂා කරන බව සඳහන් කළඅමාත්‍යවරයා සංචාරක කර්මාන්තය දියුණු කිරීමට දුම්රිය ස්ථාන නවීකරණය සහ නවීන සේවයක් ලබාදීම වැදගත් බව හෙතෙම පෙන්වා දුන්නේය.
ඊට අමතරව නානුඔය - නුවරඑළිය දුම්රිය මාර්ගය හේතුවෙන් ජනතාවට වන බලපෑම පිළිබඳවද අමාත්‍යවරයා එහිදී සාකච්ඡා කළේය . ඒ අනුව නානුඔය දුම්රිය ස්ථානය ආශ්‍රිත හඳුනා ගත් මූලික අවශ්‍යතා කඩිනමින් සම්පූර්ණ කෙරෙන අතර ඩ්‍රීම් ඩෙස්ටිනේෂන් යටතේ එය සිදු කෙරේ.


