දුම්රිය දෙපාර්තමේන්තුවේ නව සාමාන්‍යාධිකාරී ලෙස රවීන්ද්‍ර පද්මප්‍රිය මහතා ඊයේ(13) පත් කෙරිණි.
නව දුම්රිය සාමාන්‍යාධිකාරී ලෙස පත් කළ රවීන්ද්‍ර පද්මප්‍රිය මහතා ඊයේ(13) සිය ධුරයේ රාජකාරී ආරම්භ කර තිබේ. ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණි නිලධාරීයෙකු වන ඒ මහතා මීට පෙර මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ තොරතුරු තාක්ෂණ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරේ සේවය කළේය.
පත්වීම් ලිපි ප්‍රදානය කරමින් ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවසුවේ, දුම්රිය සේවය කාර්යක්ෂමව පවත්වා ගැනීම රජයේ අරමුණ බවයි. පරිපාලනයේ වෙනස ඊට පිටිවහලක් බව නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.


