මාතර ඩිපෝවේ අබලන් වු බස් රථ ප්‍රතිසංස්කරණය කර ධාවනයට එක් කෙරේ

මාතර ඩිපෝවේ  අබලන් වු බස් රථ ප්‍රතිසංස්කරණය කර ධාවනයට එක්  කෙරේ
  • SocialShare:

මාතර ඩිපෝවට අයත් බස් රථ 06 ක් ප්‍රතිසංස්කරණය කර නැවත ධාවනයට එක් කිරීම මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජන්ත ගමමැද්දගේ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08) දින සිදු කෙරිණි.

මාතර ඩිපෝවේ සියලු දෙනා එකතුවී ඩිපෝව ගොඩනැගීමට අවශ්‍ය මැදිහත් වීම සිදු කිරීමත් වඩාත් කාර්යක්ෂම පොදු ප්‍රවාහන සේවයක් සැපයීමට අවශ්‍ය දායකත්වය ලබාදීමත් විශේෂයකි. මේ අවස්ථාවට මාතර නියෝජ්‍ය නගරාධිපති නිශාන්ත වික්‍රමරත්න මහතා,ඩිපෝ කළමනාකරු, ධාවන අධ්‍යක්ෂක, ඩිපෝ ඉංජිනේරු ප්‍රධානින් ඇතුළු කාර්මික නිලධාරීන් සියලු දෙනා සහභාගි වී සිටියහ.