ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශීය සංචාරකයන්ට මෙරට වලංගු රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමේ පහසුකම සහිත මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ශාඛා කාර්යාලයක් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පැමිණීමේ පරිශ්‍රයේදී ප්‍රවාහන , මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා විවෘත කෙරිණි.
ඒ අනුව විදේශිකයන්ට තම වීසා කාලය අනුව මෙරටට වලංගු රියදුරු බලපත්‍රයක් විනාඩි 5ක් වැනි කෙටි කාලයකදී ලබා ගත හැකි වේ.
බර වාහන රියදුරු බලපත්‍ර සහික වසරකට වඩා වැඩි කාලයක් මෙරට රැඳී සිටින විදේශීය සංචාරකයන්ට , ඉන්දියව වැනි රටවල සිට පැමිණෙන විදේශිකයන්ට සිය මව් රටේ ත්‍රීරෝද රථ පැදවීම සඳහා රියදුරු බලපත්‍ර පවතී නම් මෙරට ත්‍රී රෝද රථ පැදවීම සඳහාද මෙම කාර්යාලයෙන් රියදුරු බලපත්‍රය ලබා ගත හැකි වේ.
එසේම මෙරටට පැමිණෙන විදේශිකයන්ට විද්‍යුත් තැපෑල මගින් මෙම කාර්යාලයට අයදුම්පත් යොමු කළ හැකි අතර ඉදිරි මාස කිහිපය තුළ පෛාලීසියේ රථවාහන අංශයේ නිලධාරීන්ට ස්මාර්ට් ජංගම දුරකතන ලබා දෙන අතර මෙම කාර්යාලය මගින් විදේශීය සංචාරකයන් සඳහා කිව්.ආර්. කේතයක් ලබා දීමට කටයුතු කරන බව එහිදී අමාත්‍යවරයා සඳහන් කළේය.


