මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපළෙහි නිරීක්ෂණ චාරිකාවක් සදහා අද (31) වන දින පෙරවරුවේදී සම්බන්ද විය. එහිදී විශේෂයෙන්ම ගුවන් තොටුපළෙහි ආගමන විගමන දෙපාර්තමේන්තුවට අයත් සියලූම අංශ අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් විය.
ගුවන් තොටුපළෙහි ආරම්භ කොට ඇති නවීකරණ කටයුතුවල ප‍්‍රගතිය පරීක්ෂා කර බැලීමත්, ආගමන විගමන නිළධාරීන් මුහුණ දෙන ගැටලූ පිළිබදව සොයා බැලීමත් මෙම නිරීක්ෂණ චාරිකාවෙහි අරමුණු විය.
එහිදී වර්තමානයේ ආරම්භ කොට ඇති E Gates පද්ධතිවල ප‍්‍රගතිය පිළිබදවද අමාත්‍යතුමාගේ අවදානයට යොමු විය. ඒ අනුව E Gates හතරක් මේ වන විට ස්ථාපනය කොට ඇති අතර 2026 වර්ෂයේ අයවැයෙන් තවත් E Gates හතරක් සදහා මුදල් ප‍්‍රතිපාදන වෙන් කිරීම සදහා යෝජනා ඉදිරිපත් කර ඇති බවත් අමාත්‍යවරයා ආගමන විගමන නිළධාරීන් හමුවේ ප‍්‍රකාශ කරන ලදී.
මෙම නිරීක්ෂණ කටයුතු අතරතුර අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප‍්‍රකාශ කළේ සංචාරක කර්මාන්තය වර්තමානය වන විට ඉහළ ප‍්‍රගතියක් අත්පත්කරගෙන ඇති බවත් විශාල ප‍්‍රමාණයක් දෛනිකව ආගමන හා විගමන කටයුතු මෙම ගුවන්තොටුපල හරහා සිදු කරන බවත් එම නිසා දෙස් විදේස් සියලූම පුද්ගලයන්ට ඉතාමත් කාර්යක්ෂම සේවාවක් ආගමන විගමන දෙපාර්තමේන්තුව තුළින් ලබා දීම රජයේ අරමුණ වන බවත්ය. එමෙන්ම ඒ සදහා මේ වන විට අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගනිමින් සිටින බවද අමාත්‍යවරයා ප‍්‍රකාශ කරන ලදී .
ඉන් අනතුරුව ආගමන විගමන නිළධාරීන් මුහුණ දෙන සේවා ස්ථානය පිළිබද ගැටලූ, උසස් වීම් පිළිබද ගැටලූ හා මානව සම්පත පිළිබද ගැටලූ පිළිබදව ආගමන විගමන නිලධාරීන්ගේ වෘත්තීය සමිතියෙහි සභාපතිවරයා සහ ආගමන විගමන නිළධාරීන් සමග සාකච්ඡා කරන ලදී. එහිදී අමාත්‍යවරයා ප‍්‍රකාශ කර සිටියේ ඉදිරියේදී ආගමන විගමන දෙපාර්තමේන්තුව සදහා බලයලත් නිළධාරීන් 131 දෙනෙකු බදවා ගැනීම සදහා මේ වන විට අවශ්‍ය කටයුතු ආරම්භ කොට ඇති බවත් ය.
මෙම අවස්ථාවට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වැඩබලන පාලක ජනරාල් චමින්ද පතිරාජ මහතාත් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිළධාරීන් ඇතුලූ විශාල පිරිසක්ද සහභාගී වූහ.


