අස්වැසුම ජූලි මස දීමනාව අද සිට ගිණුම්වලට

අස්වැසුම ජූලි මස  දීමනාව  අද සිට ගිණුම්වලට
  • SocialShare:

අස්වැසුම පළමු අදියර සඳහා සුදුසුකම් ලැබූ ප්‍රතිලාභීනගේ 2025 ජූලි මස දීමනාව අද(24) එම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය නිවේදනය කරයි.

මෙලෙස රුපියල් එකලොස් බිලියන දෙසීය අනුහය මිලියන හාරසිය හැය එක්දහස් දෙසීය පනහක මුදලක් ප්‍රතිලාභී පවුල්  දාහතර ලක්ෂ විසිහතර දහස් පන්සිය හතලිස් අටක් අතරේ බෙදාහරිමින් ඔවුන්ගේ අස්වැසුම ප්‍රතිලාභී බැංකු ගිණුම් වෙත බැර කිරීමට නියමිතය.

ඒ අනුව අදාල ප්‍රතිලාභීන්ට අද සිට තමාට හිමි ප්‍රතිලාභී මුදල් තම අස්වැසුම ප්‍රතිලාභී බැංකු ගිණුමෙන් ලබාගත හැකි බව එම සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය නිවේදනය කරයි.