ප්‍රාදේශීය වශයෙන් තුළ සිදුකෙරෙන් සංවර්ධන වැඩපිළිවෙළ රාජ්‍ය නිලධාරි යාන්ත්‍රණය හරහා ජනාතාව වෙත ගෙන යාම දිස්ත්‍රික් මාධ්‍ය නිලධාරින්ගේ වගකීමක් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
ඊයේ (15) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති දිස්ත්‍රික් මාධ්‍ය ඒකක සවිබල ගැන්වීමේ වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ, දිස්ත්‍රික් ප්‍රවෘත්ති නිලධාරින් සඳහා මෙවර අයවැයෙන් රු.ලක්ෂ 70කට ආසන්න ප්‍රමාණයක පරිගණක උපකරණ බෙදා දීමද මෙහිදී සිදු විය.
ඉදිරියේදී දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශිය ලේකම්වරුන් මැදිහත් වී රටේ දත්ත පද්ධතිය නිසි ලෙස ලේඛනගත කරන බවත්, ඒ ඔස්සේ , අමාත්‍යංශය ලබා දෙන දීමනාවන් ප්‍රමුඛතාවය අනුව මනාව පෙළගැස්විය හැකි බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.
රටක සංවර්ධනය උදෙසා භෞතික සම්පත් මෙන්ම මානව සම්පත්හි ද කාර්‍යක්ෂමතාවය පැවතිය යුතු බව මෙම අවස්ථාවට එක් වූ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් හර්ෂ බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.
දිස්ත්‍රික් මාධ්‍ය ඒකක සඳහා පරිගණක ඇතුළු උපකරණ ලබාදීමද මෙහිදී සිදු කෙරිණි.


