හොරු රැකීම වෙනුවට හොරකමක් වංචාවක් නොවන තැනට නීතිය බලගැන්වීම අවශ්‍යයි -ඇමති සමන්ත විද්‍යාරත්න

හොරු රැකීම වෙනුවට හොරකමක් වංචාවක් නොවන තැනට නීතිය බලගැන්වීම අවශ්‍යයි -ඇමති සමන්ත විද්‍යාරත්න
  • SocialShare:

හොරු රැකීම වෙනුවට හොරකමක් වංචාවක් නොවන තැනට නීතිය බලගැන්වීම අවශ්‍ය බවත්, රට මුදවා ගැනීමට රාජ්‍ය සේවකයාටද වගකීමක් ඇතැයි ඇමති සමන්ත විද්‍යාරත්න මහතා පැවසීය

වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශ ලේකම් නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති විසින් රචිත 'පරිපාලන නීතිය හා රාජ්‍ය සේවය' කෘතිය ජනගත කිරීමේ උළෙලට ඊයේ (15) එක්වෙමින්  ඔහු මේ පිළිබඳ  සඳහන් කළේය.

මේ මොහොතේ  මුහුණදී තිබෙන සංකීර්ණ බිඳවැටීමෙන් රට මුදවා ගැනීමට රාජ්‍ය සේවකයාගේ ද වගකීමක් තිබෙන බව හා පරිපාලන නීතිය තුළ තිබෙන වැදගත්කම පිළිබඳ වැඩිදුරටත් සඳහන්  කළේය.

ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ ශ්‍රවණාගාරයේ පැවති මෙම උත්සවයට ජනාධිපති ලේකම්, අග්‍රාමාත්‍ය ලේකම්, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ , අමාත්‍යංශ ලේකම්වරු, පරිපාලන සේවයේ ඉහළ නිලධාරීන් මෙන්ම සම්භාවනීය අමුත්තන් රාශියක් එක්ව සිටියහ.