විදේශ අමාත්‍යවරයා ආසියාන් විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීමට සහභාගී වේ

විදේශ අමාත්‍යවරයා ආසියාන් විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීමට සහභාගී වේ
  • SocialShare:

විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා ක්වාලාලම්පූර් හි පැවැත්වෙන 58 වන ආසියාන් විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීමට සහභාගී වීමට අද පෙරවරුවේ විශේෂ ගුවන් යානයකින් මැලේසියාවේ Bunga Raya සංකීර්ණය වෙත ළඟා විය.

අමාත්‍යවරයා එහිදී ආසියාන්හි අමාත්‍යවරුන්ගේ රැස්වීමට අමතරව මැලේසියානු අගමැති, චීන විදේශ ඇමති, ඔස්ට්‍රේලියානු විදේශ ඇමති ඇතුලු විදේශ නායකයන් කිහිප දෙනෙකු සමඟ ද්විපාර්ශවික සාකච්ඡාවල නිරත වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි.