- NCPA සහ DPCCS අලුත් කරන්න අලුත් වැඩක් හදයි.
කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයට අනුබද්ධිත ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සහ පරිවාස සහ ළමා රක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ විෂය පථයන් අතිපිහිත වීම වැළැක්වීම, විද්‍යාත්මකව යාවත්කාලීන කිරීම සහ එහි සේවය වඩා ගුණාත්මක, කාර්යක්ෂම සේවයක් බවට පත්කිරීම ජාතික ප්‍රමුඛතාවක් සේ සළකා ඒ වෙනුවෙන් විශේෂඥ යාන්ත්‍රණයක් ගොඩනැගීම වෙනුවෙන් මූලික සාකච්ඡාව පසුගියදා කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයේ දී පැවැත්වුණි.
යෝජිත යාවත්කාලීන කිරීමේ සහ ප්‍රමිතිගත කිරීමේ ක්‍රියාවලීයේදී නව ගොලීය ප්‍රවණතා මෙන්ම ශ්‍රී ලංකාවේ ළමා ආරක්ෂණය පිළිබඳ අත්දැකීම් සහ විශේෂඥ දැනුමේ අවශ්‍යතාවත්, ඒ වෙනුවෙන් ශක්තිමත් මෙහෙයුම් යාන්ත්‍රණයක් ලෙස විෂය ප්‍රවීනයන්, නිලධාරීන් ඇතුළු සියලු පාර්ශවකරුවන්ගෙන් සැඳුම්ලත් කමිටුවක සහය ලබා ගැනීමත් මෙම සාකච්ඡාවේ මූලික අරමුණ වූ අතර,
ගරු කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ ආරාධනයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ආරම්භක සභාපති මහාචාර්ය හරේන්ද්‍ර ද සිල්වා මහතා මෙම සාකච්ඡාවට සහභාගී විය.
දරුවන් සුරක්ෂිත කිරීම පිළිබඳ ක්‍රියාවලිය හුදෙක් යෝජනාවකට සීමා නොකර විද්‍යාත්මක ක්‍රමවේදයක් බවට පත්කිරීම පිළිබඳ මෙහි දී සාකච්ඡාවට බඳුන් වූ අතර මහාචාර්ය හරේන්ද්‍ර විසින් තමා ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිවරයා ලෙස කටයුතු කළ කාල වකවානුව තුළ අත්දැකිම් බෙදා ගැනීමද මෙහිදී සිදුවිය.


