ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝග පාලනය සඳහා රාජ්‍ය ආයතන පරිශ්‍ර පිරිසිදු කිරීමේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවත්, ඒ අනුව එළඹෙන සිකුරාදා සියලු රාජ්‍ය ආයතන පරිශ්‍ර පිරිසිදු කර ගන්නා ලෙස කොළඹ දිස්ත්‍රික් ලේකම් ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මහතා පැවසීය.
කොළඹ දිස්ත්‍රික් ඩෙංගු සහ චිකනගුන්යා රෝග මැඩලීම පිලිබඳ අද(18) පැවති විශේෂ සාකච්ඡාවට එක්වෙමින් දිස්ත්‍රික් ලේකම්වරයා මේ බව පැවසීය.
ඉදිරියේදී සියලුම රජයේ නිලධාරීන්, ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි සංවර්ධන නිලධාරීන්, සංවර්ධන නිලධාරීන්, කෘෂිකර්ම පර්යේෂණ නිලධාරීන්, පොලිස් නිලධාරීන්, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිලධාරීන් හා හමුදාවේ නිලධාරීන් කණ්ඩායම් වශයෙන් සෑම නිවසකටම යැවීමට බලාපොරොත්තු වන බවද ඒ මහතා පැවසීය. සියලුම පළාත් පාළන ආයතන මගින්, ඇළවේලි සහ සියලුම කාණු පද්ධති පවිත්‍රතා කටයුතු සිදුකරන බවද ජනතාව දැනුවත් කිරීමේ ප්‍රචාරණ කටයුතුද පළාත් පාලන ආයතනවල ප්‍රධානීන් විසින් සිදුකිරීමට කටයුතු කරන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසුවේය.
නගරාධිපතිවරුන් සහ අද සම්බන්ධ වූ සභාපතිවරුන් සියලුදෙනා පවිත්‍රතා කටයුතු ඉතා විධිමත්ව සහ ක්‍රමවත් ලෙස පවත්වාගෙන යාමට එකඟ වුණු බවද , ඒ අනුව ජනතාව දැනුවත් කිරීමට සහ ප්‍රචාරණ කටයුතු ආරම්භ කිරීමට කටයුතු කරන බවද කීය.
පෝස්ටර් සහ අත් පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු සම්බන්ධීකරණය කිරීම ප්‍රාදේශීයය සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරුන් සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන් සහ පළාත් පාලන ආයතන ප්‍රධානීන් විසින් සිදුකරන බවද වැඩිදුරටත් පැවසීය.